මුදල් අමාත්‍යාංශයෙන් හදිසි නිවේදයක්.
Sri lanka
covid 19
By Sithumi
කරවල සහ ආනයනික හාල්මැස්සන් මත නව බදු වැඩිකිරීමක් සිදුකර නොමැති බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එයට අමතරව දේශීය නිෂ්පාදකයින් ආරක්ෂා වන පරිදි, බටර්, උළුහාල් ඇට, කුරක්කන් පිටි, අබ ඇට සහ ලුණු ආනයනය සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පැනවීමට නිකුත් කරන ලද 2020 සැප්තැම්බර් මස 30 දිනැති ගැසට් නිවේදනයේ වසරක් වූ වලංගු කාලය 2021 සැප්තැම්බර් මස 30 දිනයෙන් අවසන්වීමට නියමිත බවද පෙන්වා දෙයි.
ඒ අනුව එම ගැසට් නිවේදනය සහ දේශීය ලුණු කර්මාන්තය ආරක්ෂා කිරීම සඳහා සියළුම භාවිතයන් සඳහා ගන්නා ආනයනික ලුණු සඳහා කිලෝග්‍රෑමයට රුපියල් 40ක බද්දක් පැනවීම සිදු කළ බවද ඉන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
එම මාධ්‍ය නිවේදනය පහතින්,
