පිරිමි සම්භාහනය කාන්තාවන්ට තහනම් වීම ගැන පළ වූ පුවත සම්බන්ධයෙන් ආයුර්වේද කොමසාරිස්ගෙන් විශේෂ නිවේදනයක්..

Sri Lanka
By krishani Jan 17, 2023 09:28 AM GMT
krishani

krishani

Report

ඊයේ (16) දින විවිධ ජනමාධ්‍යයන් හරහා පළ වූ පිරිමි සම්භාහනය ගැහැනුන්ට තහනම් යන පුවත සාවද්‍ය පුවතක් බව ආයුර්වේද කොමසාරිස් ආචාර්‍ය එම්.ඩී.ජේ. අබේගුණවර්ධන මහතා පවසයි.

එම පුවත දැකීමෙන් තමන් වික්ෂිප්ත වූ බවත් එසේ පළ වී තිබුණු තමා විසින් කළැයි යන ප්‍රකාශය සම්පූර්ණයෙන්  සාවද්‍ය දෙයක් බව ලිපියක් නිකුත් කරමින් ආයුර්වේද කොමසාරිස්වරයා පවසයි.

මෙවැනි අසත්‍ය පුවත් සමාජගත කිරීම ඉතාම කනගාටුවෙන් බැහැර කරන බවත් මෙම පුවත හේතුවෙන් පෞද්ගලිකව තමන් බරපතළ ලෙස අපහසුතාවට පත් වූ බවත් ඔහු පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha