“සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවන් නීතියක් බවට පත් කිරීමට සූදානම්” ...?
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලබන සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවන් නීතියක් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට සූදානම් වනවා.
ඒ අනුව ලබන සදුදා (16) දිනයේ එම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවේ.
මේ අතර, ඊයේ දිනය තුල පළාත් සංචරණ සීමා උල්ලංඝණය කරමින් බස්නාහිර පළාතට ඇතුලු වීමට උත්සාහ කල පුද්ගලයන් 234 දෙනෙකු, වාහන 165ක් සමග යළි හරවා යවා තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ අතුරු මාර්ග වලින් බස්නාහිර පළාතට ඇතුලු වීමට හා පිටවීමට උත්සහ කල පුද්ගලයන් 3 දෙනෙකු වාහනද සමග අත්අඩංගුවට ගත් බවයි.
බස්නාහිර පළාතට ඇතුලු වන ස්ථාන 3කදී ඊයේ වාහන 1,670ක් සහ පුද්ගලයන් 2,493 දෙනෙකු පරික්ෂාවට ලක් කර තිබෙනවා. එමෙන්ම, නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් 151 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගැණුනා.
මේ අතර සයිනොෆාම් කොරෝනා එන්නත් මුදලට අලෙවි කල පුද්ගලයෙක් මොරටුව ලුනාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලුනාව රෝහලේ සුළු සේවකයෙකු වන මොහු එක් එන්නත් මාත්‍රාවක් රුපියල් දෙදහස බැගින් අලෙවි කල බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.
එමෙන්ම ඊයේ දිනයේ ආසාදිතයින් 3142ක් හදුනා ගත් අතර මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාධිතයින් ගණන 348,260ක් දක්වා ඉහළ ගියා.
කොවිඩ් මරණ 155ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
මෙම මරණ පෙරේදා (12) දින තහවුරු කර ඇති අතර එම මරණ 155ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5,775ක් දක්වා ඉහළගොස් ඇත.
පෙරේදා තහවුරු කළ එම මරණ අතර කාන්තාවන් 70 දෙනෙකු ද පිරිමි පුද්ගලයින් 85 දෙනෙකුද සිටි.
මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 111 දෙනෙකු සිටින අතර වයස අවුරුදු 30ට අඩු කාන්තාවන් තිදෙනෙකු ද සිටින බව සෞඛ්‍ය අංශ නිකුත්කළ නිවේදනයේ දැක්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |