අපොස සාමාන්‍ය පෙළ අයදුම්කරුවන්ට නිවේදනයක්

By Sewvandhi Dec 20, 2021 01:14 PM GMT
Sewvandhi

Sewvandhi

Report

2021 (2022) වර්ෂය සඳහා අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෞද්ගලිකව පෙනී සිටීමට අපේක්ෂිත අයදුම්කරුවන් ට විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

අයදුම්පත් කැඳවීම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකරන ආකාරය පිළිබඳ එම නිවේදනයෙන් දැනුවත් කර ඇත. ඒ අනුව පෞද්ගලික අයදුම්කරුවන්ගේ අයදුම්පත් කැඳවීම 2021.12.20 වන දින සිට 2022.01.20 වන දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකෙරේ.

ඒ සඳහා අයදුම් කරන ආකාරය සම්බන්ධයෙන් උපදෙස් හා අයදුම්පත පිරවීම සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk  හෝ Exams SRI LANKA නිල ජංගම දුකරථන යෙදුම හෝ https://onlineecams.gov.lk/eic  යන වෙඩ් සබැඳිය මඟින් ප්‍රවේශ වියහැකි බව විභාග කොමසාරිස් ජනරාල්, එල්.එම්.ඩී ධර්මසේන මහතා නිවේදනය කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha