මරණ අනුපාතය ඉතා ඉහළ යාමට හේතුව GMOA හෙළි කරයි

covid19 deaths vaccination GMOA Navin De Soisa
By Sewvandhi Aug 12, 2021 08:55 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සිය සංගමය මුල සිටම පෙන්වා දුන් එන්නත්කරණ වැඩපිළිවෙළ නිසි ප‍්‍රමුඛතා ලැයිස්තුවක් අනුව ලබාදීමට රජය අපොහොසත් වීම නිසා කොවිඩ් මරණ අනුපාතය ඉතා ඉහළ ගොස් තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා පවසනවා.

කොවිඩ් වෛරසය මර්දනය වෙනුවෙන් පසුගිය මැයි මාසයේදී නිසි වැඩපිළිවෙළක් පෙන්වාදුන්නත්, එය පැහැරහැරී නිසා මරණ අනුපාතය වැඩිවීමේ වගකීම අදාළ තීරණ කි‍්‍රයාත්මක නොකළ පුද්ගලයන් භාරගත යුතු බවයි වෛද්‍යවරයා සඳහන් කළේ.

මේ වනවිට මෙරටට එන්නත් මාත‍්‍රා මිලියන 19.5 ක් ගෙනවිත් ඇති බව ද ඉන් එන්නත් මාත‍්‍රා 10 ක් නිවැරදිව ප‍්‍රමුඛතා ලැයිස්තුවක් අනුව ලබාදුන්නා නම් සිදුවෙමින් පවතින මරණවලින් 90%ක් පමණ වළක්වා ගත හැකිව තිබූ බවයි පැවසුවේ.

සිය සංගමය පෙන්වාදුන් ක‍්‍රමවේදයට අනුව වයස අවු. 60 ට වැඩි (මිලියන 2.7 ක) වැඩිහිටි ජනගහනය, අවුරුදු 60 ට අඩු බෝ නොවන රෝගවලින් පෙළෙන කාණ්ඩය සහ ජාතික ආර්ථිකය පවත්වා ගැනීමට වැදගත් වන අවදානම් කාණ්ඩ එන්නත්කරණය සඳහා අවශ්‍ය මිලියන 10 ක කොවිඞ් එන්නත් මාත‍්‍රා මගින්, මිලියන 5 ක පමණ ජනගහනය එනම් ආසන්න වශයෙන් 20% ක ජනගහනයක් එන්නත්කරණය කිරීම තුළින් 90% ක මරණ වළක්වා ගැනීමට හැකියාව තිබූ බව ද වෛද්‍ය නවින්ද සොයිසා මහතා වැඩිදුරටත් සඳහන් කළා.

දවසින් දවස අවදානම ඉහල යන හැටි... ගණන් ගන්නේ නැතුව ඉන්න එපා -:



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now