A/L උත්තරපත්‍ර පරීක්ෂකවරුන් ට වැදගත් නිවේදනයක්..!

education A/L exam paper marking exam departnment
By Sewvandhi Jan 07, 2022 07:45 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අපොස උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂකවරුන් සඳහා විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව එම විභාගයෙහි උත්තර පත්‍ර පරීක්ෂකවරුන් තෝරා ගැනීම සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයඳුම්පත්‍ර කැඳවීමට තීරණය කර ඇත. අයඳුම්පත් භාරගන්නා අවසන් දිනය ජනවාරි මස 20 වන දින බව ද විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 

 පහත දැක්වෙන ඕනෑම ක්‍රමයක් ඔස්සේ අයදුම් කළ හැකි අතර, එම පද්ධතිවලට පිවිසීම සඳහා සිය ජාතික හැඳුනුම්පත් අංකය භාවිත කළ යුතුය.

* ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය www.doenets.lk වෙත පිවිස "අපගේ සේවා" යටතේ ඇති මාර්ගගත අයදුම්පත් (පාසල් විභාග) මත click කිරීමෙන් අයදුම්පත්‍ර ලබාගත හැකිය.

* ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල ජංගම දුරකථන යෙදවුම (Moblie Application) වන "DoE" වෙත පිවිස මාර්ගගත අයදුම්පත් (පාසල් විභාග) මත Click කිරීමෙන් ද අයදුම්පත්‍ර ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

* එසේ නොමැති නම් https://onlineexams.gov.lk/eic වෙත පිවිසීමෙන් ද අයදුම්පත්‍ර ලබාගත හැකිය.

මේ සඳහා විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGallery
ReeCha