​නිෂ්පාදන සමාගමකට අයත් සත්ත්ව ආහාර තොගයක් විනාශ කිරීමට නියෝගයක්

Sri Lanka Police Investigation Law and Order
By Gagana News Mar 07, 2025 10:42 PM GMT
Gagana News

Gagana News

Report

බිංගිරිය ප්‍රදේශයේ පිහිටි සත්ත්ව ආහාර නිෂ්පාදන සමාගමක තිබූ සත්ත්ව ආහාර කිලෝ 13,000ක් විනාශ කිරීමට හෙට්ටිපොල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

කුරුණෑගල, බිංගිරිය ප්‍රදේශයේ සත්ත්ව ආහාර නිෂ්පාදනය කරනු ලබන ආයතනයක් විසින් කල් ඉකුත් වීම හේතුවෙන් වෙළදපොලෙන් ඉවත්කරනු ලබන සත්ත්ව ආහාර, නව සත්ත්ව ආහාර නිෂ්පාදනය කිරීමේදී නැවත භාවිත කරමින් ඒවාට එකතුකරන බවට පාරිභෝගික අධිකාරිය වෙත පැමිණිල්ලක් ලැබී තිබුණි.

ඒ අනුව එම අධිකාරියේ නිලධාරීන් විසින් පසුගිය මස 27 වැනි දින එම නිෂ්පාදන ආයතනය පරීක්ෂාකරන ලද අතර, එහිදී, කල් ඉකුත්වීම හේතුවෙන් වෙ‍ෙළදපොළෙන් ආපසු කැදවන ලද සත්ව ආහාර කිලෝග්‍රෑම් 13,500 පමණ ප්‍රමාණයක් නිලධාරීන් විසින් තම භාරයට ගනු ලැබීය.

එහිදී කල් ඉකුත් නොවූ භාණ්ඩ සමඟ මෙම තොගය පවත්වාගන යාම සම්බන්දව තවදුරටත් විමර්ශන කටයුතු සිදු කිරීමටද එම අධිකාරිය පියවර ගෙන තිබුණි.

අදාළ විමර්ශනවලින් පසුව කල් ඉකුත් වූ සත්ව ආහාර, සත්ව ආහාර නිෂ්පාදනාගාරයක් තුළ අනෙකුත් භාණ්ඩ සමඟ එක්ව ගබඩාකිරීම සම්බන්ධව අදාළ ආයතයට එරෙහිව ඊයේ (06) දින හෙට්ටිපොල මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩු පවරනු ලැබීය.

එහිදී අදාළ ආයතනය වරද පිළිගැනීමෙන් පසුව රුපියල් 10,000ක දඩ මුදලක් නියම කර අදාළ කල් ඉකුත් වූ සත්ත්ව ආහාර තොගය අධිකරණයේ සහ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ අධීක්ෂණය යටතේ විනාශ කිරීමටද අධිකරණය නියෝග කර තිබේ.

විදෙස් සංචිත ඉහළට

විදෙස් සංචිත ඉහළට

ලග්න රැසකට මංගල යෝග හා ධන යෝග...සිකුරු වැජඹෙන්නේ ඔබටයි

ලග්න රැසකට මංගල යෝග හා ධන යෝග...සිකුරු වැජඹෙන්නේ ඔබටයි

ReeCha