ඇංජලෝ මැතිව්ස් යළි ක්‍රීඩා පිටියට..?

By Sithumi Nov 12, 2022 03:25 PM GMT
Sithumi

Sithumi

Report

එක්දින තරගාවලියේදී අත්දැකීම් බහුල තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් සංචිතයට කැඳවනු ඇති බව වාර්තා වනවා.

ඔහු මේ දිනවල ඉතා හොඳින් පුහුණුවීම් කටයුතු සිදු කරමින් සිටින හෙයින් පිතිකරුවෙකු ලෙස ඔහුගේ සේවය ශ්‍රී ලංකා පිලට ලබා ගැනීමේ වැඩි ඉඩකඩක් පවතිනවා.

සංචාරක ඇෆ්ගනිස්තානය සමග මහනුවරදී පැවැත්වෙන එක්දින තරගාවලිය මේ මස 25 වැනිදා ආරම්භ වන අතර, 27 වැනිදා දෙවැනි තරගය හා 30 වැනිදා වැනි තරගය පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ජාත්‍යන්තර එක්දින තරග 218කට සහභාගි වී සිටින ඇන්ජලෝ මැතිව්ස් 2021 මාර්තු මාසයේ සිට මේ දක්වා එක්දින තරග වලට සහභාගි වී නැති අතර ඔහු මේ දක්වා එක්දින ලකුණු 5935ක් රැස්කර ඇති අතර, තඩුලු 120ක් දවාගෙන ඇති අතර ටෙස්ට් තරග 100ක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවේ 6 වැනි ක්‍රීඩකයා ලෙස ඇන්ජලෝ මැතිවිස්ගේ නම් ඉතිහාසයට එක්ව තිබෙනවා.