"සජබයේ කවුරු කිව්වත් සලේ වැරදියි කියන කතාව මම පිළිගන්නේ නෑ" - ආනන්ද පාලිතගෙන් තමන්ගේම පක්ෂයට එරෙහිව කැරැල්ලක්

Report

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා යනු සැබෑ රණවිරුවකු බවත්, වත්මන් පාලනය විසින් ඔහුට එරෙහිව සිදුකරනු ලබන සියලුම ආකාරයේ අසාධාරණකම් වහාම නතර කළ යුතු බවත් සමගිය ඒකාබද්ධ වෘත්තීය බලමණ්ඩලයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසයි.

අද පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සෘජුවම එක්වෙමින් ඒ මහතා කියා සිටියේ වත්මන් රට තුළ විසඳීමට ඇති තරම් බරපතළ ආර්ථික අර්බුද පවතිද්දී, ආණ්ඩුව ඒ සියල්ල පසෙකලා සුරේෂ් සලේ මහතාව පමණක් ප්‍රධාන ප්‍රශ්නයක් කරගෙන දේශපාලන දඩයමක නිරත වන බවයි.

"ගෝඨාභයගේ අවසර නැතුව සලේ වැසිකිළියටවත් ගියේ නැහැ" - සරත් ෆොන්සේකාගෙන් කුඩු වෙන්නම ප්‍රහාරයක්

"ගෝඨාභයගේ අවසර නැතුව සලේ වැසිකිළියටවත් ගියේ නැහැ" - සරත් ෆොන්සේකාගෙන් කුඩු වෙන්නම ප්‍රහාරයක්

තමන් දේශපාලනිකව පැහැදිලිවම සමගි ජන බලවේගය නියෝජනය කරනු ලබන නමුත්, කවුරුන් හෝ ප්‍රකාශ කරන්නේ නම් සුරේෂ් සලේ මහතා වැරදිකරුවකු කියා තමන් එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව ආනන්ද පාලිත මහතා මෙහිදී ස්ථාරවම කියා සිටියේය.

එමෙන්ම තමන්ගේම දේශපාලන පක්ෂයේ හෝ පාර්ශවයක කවුරුන් හෝ පුද්ගලයකු සුරේෂ් සලේ මහතාව වත්මන් පාලනය විසින් අත්අඩංගුවට ගැනීම සාධාරණ යැයි පවසන්නේ නම් තමන් එම මතය ද මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව ඔහු පෙන්වා දුන්නේය.

මේ වන විට සුරේෂ් සලේ මහතා වෙනුවෙන් සුළු පිරිසක් පමණක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය අසලට පැමිණීමෙන් කිසිදු පලක් නොවන බවත්, රටේ විශාල මහජනතාවක් එකා වන්ව එක්රැස් වී මෙම වීරෝදාර රණවිරුවා වෙනුවෙන් සෘජුවම පෙනී සිටිය යුතු බවත් ඔහු මාධ්‍ය හමුවේදී දැඩිව ඉල්ලා සිටියේය.

මෙහිදී මෙරට කතෝලික සභාවේ ක්‍රියාකලාපය ද දැඩි විවේචනයට ලක් කළ ආනන්ද පාලිත මහතා, කතෝලික සභාව ද පසුගිය කාලය පුරාවටම පැහැදිලිවම දේශපාලනය සිදු කළ බවත්, ඔවුන් තමන්ගේ දේශපාලන පාර්ශවයේ වේදිකාවලට පවා පැමිණෙමින් විවිධ දේශපාලන රැස්වීම් සෘජුවම මෙහෙයවූ බවත් අනාවරණය කළේය.

මේ අතර හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා විසින් වත්මන් දේශපාලන සහ ආරක්ෂක තත්ත්වයන් පිළිබඳව සිදුකරනු ලබන කිසිදු ප්‍රකාශයක් තමන් කිසිසේත්ම පිළි නොගන්නා බවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව එල්ලා මැරිය යුතු යැයි යම් පිරිසක් සමාජය තුළ මතවාද ගොඩනගමින් කියා සිටින්නේ නම් එය සම්පූර්ණයෙන්ම වැරදි සහගත සහ අශිෂ්ට ප්‍රකාශයක් බවත් ආනන්ද පාලිත මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

එහීදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,

"සලේ විරුවෙක් ඔහුට කරන අසාධාරණකම් නැවැත්විය යුතුයි. රටේ ආර්ථික අර්බුද ඕනෑ තරම් තියෙනවා ආණ්ඩුව සලයව ප්‍රශ්නයක් කරගෙන.මම සමගි ජන බලවේගය තමයි නියෝජනය කරන්නේ නමුත් කවුරුහරි කියනවා නම් සලේ වැරදියි කියලා මම ඒක ප්‍රතික්ෂේපේප කරනවා.පොඩි පිරිසක් කොටුවට ඇවිල්ලා වැඩක් නෑ විශාල පිරිසක් එක්කහු වෙලා සලේ වෙනුවෙන් පෙනී සිටින්න ඕනේ අපේ කවුරුහරි කියනවනම් සලේ වත් අඩංගුවට ගත්ත එක සාධාරණයි කියලා මම එක ප්‍රතික්ෂේප කරනවා.කතෝලික සභාවත් දේශපාලනය කරා අපේ පැත්තෙ ඇවිල්ලා රැස්වීම් මෙහෙයුවා.සරත් පොන්සේකා කියන කතා මං පිළිගන්නේ නෑ. මහින්ද රාජපක්ෂව එල්ලන්න ඕන කියවනවනම් ඒකවැරදියි."

විදෙස් ගමන් තහනම දැම්මේ නිකන් නෙවෙයි.. ගෝඨාභය අත්අඩංගුවට ගන්න සියල්ල සූදානම්

විදෙස් ගමන් තහනම දැම්මේ නිකන් නෙවෙයි.. ගෝඨාභය අත්අඩංගුවට ගන්න සියල්ල සූදානම්