ආනන්ද විද්‍යාලයට ලකුණු 262ක ඉලක්කයක්
කොළඹ ආනන්ද සහ නාලන්දා විද්‍යාල අතර පැවැත්වෙන සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ පළමුව පන්දුවට පහර දුන්නේ නාලන්දා විද්‍යාලයය.
නියමිත පන්දු වාර 50 අවසානයේ, ඔවුන් සියලු දෙනා 261 ලකුණු රැස් කිරීමට සමත් විය. එහිදී නෙමිඳු අක්මීමන 79 ලකුණු සහ රන්මිත් දිනුවර 78 ලකුණු ලබාදී විශිෂ්ට දායකත්වය දැක්වීය.
පන්දු යැවීමේදී ආනන්ද විද්‍යාලය වෙනුවෙන් දසිත් බටුගහ 24 ලකුණු ලබාදී කඩුලු 2ක් දවා ගත් අතර, ශාරද ජයරත්න 53 ලකුණු ලබාදී කඩුලු 2 බැගින් දවා ආනන්ද විද්‍යාලයට 262 ලකුණු ඉලක්කයක් හිමි විය. මෙම තරගය කොළඹ SSC ක්‍රිකට් පිටියේදී පැවැත්වෙයි.