ට්‍රම්ප් ආයෙමත් ප්‍රශ්නෙක - ඉරාන විප්ලවීය බළකායෙන් අභියෝගයක්
හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් ප්‍රවාහන නෞකා සඳහා ආරක්ෂාව සැපයීමට අමෙරිකානු නාවික හමුදා යාත්‍රා යොදවන ලෙස ඉරාන විප්ලවීය බළකායේ ප්‍රකාශකයෙකු විසින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අභියෝග කර තිබෙන බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර ඇත.
ඒ වගේම අවශ්‍ය වුවහොත් අමෙරිකානු නාවික හමුදා වෙත හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන තෙල් ප්‍රවාහන නෞකා සඳහා ආරක්ෂාව සැපයීම ආරම්භ කළ හැකි බවට ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය අඟහරුවාදා ප්‍රකාශ කර තිබේ.
ඒ වගේම මේ වනවිට මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වය නිසා හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනය සහ බලශක්ති අපනයනයන් දැඩි ලෙස අඩාල වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත.
ලෝකයේ තෙල් ප්‍රවාහනයේ වැදගත්ම මාර්ගවලින් එකක් ලෙස සැලකෙන හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා දිනපතා විශාල ප්‍රමාණයේ තෙල් ප්‍රවාහනය සිදුවේ එහි ආරක්ෂාව පිළිබඳ ගැටලු මතුවීම ගෝලීය බලශක්ති වෙළඳපොළටද බලපෑම් ඇති කළ හැකි බව විශ්ලේෂකයින් සදහන් කරයි.
ඒ වගේම පසුගිය සෙනසුරාදා අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ දා සිට අවම වශයෙන් නෞකා නවයක්වත් ප්‍රහාරයන්ට ලක්ව ඇත.
මේ හේතුවෙන් මෙම උපායමාර්ගික ජල මාර්ගය හරහා ගමන් නොකරන ලෙස විප්ලවීය බළකාය නෞකාවලට නියෝග කර තිබුණි.
ලෝකයේ තෙල් ප්‍රවාහනයේ වැදගත්ම මාවතක් වන හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව පිළිබඳ මෙලෙස ගැටලු මතු වීම ගෝලීය බලශක්ති වෙළඳපොළට දැඩි බලපෑම් එල්ල කරනු ලබයි.