කරන්දෙණියේ සුද්දා ඝාතකයන් ප්‍රවාහනයට ලක්ෂ 65ක් දී බසයක් අරන් - අකුරේගොඩ ඝාතනයේ තවත් තොරතුරු එළියට

Report

බස්නාහිර දකුණු අපරාධ කොට්ඨාසය විසින් අකුරේගොඩදී නීතීඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් තවත් කරුණු අනාවරණය කර තිබේ.

අදාළ ඝාතනය සිදුකළ දෙවැනි සැකකරු අත්අඩංගුවට ගත් අතර, ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙලෙස තොරතුරු හෙළි වී ඇත.

ඔවුන් පවසන්නේ, ඝාතනයෙන් පසු කොට්ටාවට පැමිණ මෝටර් රථයෙන් කොළඹ කොටුවට ගිය බවයි. එමෙන්ම, කොළඹ කොටුවේ සිට දඹුල්ල, සහ එහි සිට බස් රථයකින් මොණරාගල දක්වා ගිය බවද ඔහු පැවසීය.

අකුරේගොඩ වෙඩික්කරුවෙකු ප්‍රවාහනයට සහය දුන් දෙදෙනා රිමාන්ඩ්

අකුරේගොඩ වෙඩික්කරුවෙකු ප්‍රවාහනයට සහය දුන් දෙදෙනා රිමාන්ඩ්

බස්නාහිර දකුණු අපරාධ කොට්ඨාසය විසින් සිදු කළ සොයා බැලීමේදී හෙළි වූයේ, මොරටුව – කොළඹ මාර්ගයේ ධාවනය වන බස් රථයකින් දඹුල්ල සිට මොණරාගලට සැකකරු රැගෙන ගිය බවයි.

පසුගියදා අත්අඩංගුවට ගත් බස් රථය රියදුරු සහ කොන්දොස්තරවරයා සමඟ පැමිණි අතර, ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූයේ, බස් රථය දින තුනකට පෙර කරන්දෙණියේ සුද්දා විසින් රුපියල් ලක්ෂ 65කට රියදුරුගේ නමට මිලදී ගෙන තිබූ බවයි.

ඒ අනුව රියදුරු කරන්දෙණියේ සුද්දාගේ සමීපතමයෙකු බවද පොලිසිය සඳහන් කරයි. ඔහු පැවසුවේ, කරන්දෙණියේ සුද්දාගේ උපදෙස් අනුව ඔහු හා කොන්දොස්තරවරයා සැකකරු දඹුල්ල සිට මොණරාගල දක්වා රැගෙන ගිය බවයි.

මෙම් රියදුරු දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූ අයෙකු බවද සොයාගෙන තිබේ.

හෝමූස් සමුද්‍ර සන්ධිය අසලදී නෞකාවකට ඉරානයෙන් දරුණු ප්‍රහාරයක්

හෝමූස් සමුද්‍ර සන්ධිය අසලදී නෞකාවකට ඉරානයෙන් දරුණු ප්‍රහාරයක්

බස්නාහිර දකුණු අපරාධ කොට්ඨාසය අනාවරණය කරන්නේ, ලොකු පැටීගෙන් පළිගැනීම සඳහා කරන්දෙණියේ සුද්දා විසින් නීතීඥවරයා ඝාතනය කිරීමට මෙවැනි උපක්‍රම භාවිතා කළ බවයි.