ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් අද සහ හෙට ගැන විශේෂ නිවේදනයක්

Report

ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් අද සහ හෙට දිනවල රාත්‍රී 11.59 දක්වා ගුවන් ගමන් කිහිපයක් අත්හිටුවීමට පියවර ගෙන ඇත.

ඒ අනුව කටුනායක සිට ඩුබායි, රියාද්, දෝහා, ඩම්මාම් යන ගමනාන්ත සඳහා වූ ගමන්වාර කිහිපයක් මෙලෙස අත්හිටුවීමට පියවර ගෙන ඇත. මගීන්ට තම ගුවන් ගමන් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන තොරතුරු www.srilankan.com වෙබ් අඩවිය පරීක්ෂා කර ලබාගත හැකි බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම දන්වා ඇත.

බෝම්බ සද්දෙට බයේ මම පන්ති කාමරයට දිව්වා මට සිහිය එද්දී මගේ පිට උඩ ලොකු ගලක් මට මගේ පවුලේ අයත් නැතිවුණා

බෝම්බ සද්දෙට බයේ මම පන්ති කාමරයට දිව්වා මට සිහිය එද්දී මගේ පිට උඩ ලොකු ගලක් මට මගේ පවුලේ අයත් නැතිවුණා

සහාය අවශ්‍ය මෙරට සිටින මගීන්ට 1979 විමසීමෙන් හා වෙනත් රටක සිට විමසන්නේනම් 0094 11 777 1979 අංකය ඔස්සේ ද තොරතුරු ලබාගත හැකිය. එමෙන්ම, වැඩිදුර තොරතුරු සඳහා ළඟම ඇති ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ කාර්යාලයෙන් හෝ ටිකට්පත ලබාගත් ගමන් නියෝජිතයා සම්බන්ධ කරගන්නා ලෙසත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම දන්වා සිටී.

ඉරානයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල් දෆ්රා ගුවන් කඳවුර කුඩු පට්ටම් කරයි

ඉරානයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල් දෆ්රා ගුවන් කඳවුර කුඩු පට්ටම් කරයි

ඉතා දරුණු ප්‍රහාර අද දින එල්ල කරනවා - ට්‍රම්ප්ගෙන් දරුණු තර්ජනයක්

ඉතා දරුණු ප්‍රහාර අද දින එල්ල කරනවා - ට්‍රම්ප්ගෙන් දරුණු තර්ජනයක්