මත්ද්‍රව්‍ය නිවාරණ දැවැන්ත මෙහෙයුමක් සාර්ථකව අවසන්

Report

රටම එකට” ජාතික මෙහෙයුමට සමගාමීව පසුගිය මස පළමු වැනිදා ආරම්භ කරන ලද විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය තුළ විවිධ මෙහෙයුම් රැසක් ක්‍රියාත්මක කර තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා ධීවර යාත්‍රා භාවිත කිරීම වැළැක්වීමේ අරමුණින් ධීවර අමාත්‍යාංශය සහ එයට අනුබද්ධ ආයතන එක්ව දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් පුළුල් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කළ බව වාර්තා වේ.

මෙහි පළමු අදියර යටතේ හම්බන්තොට සිට මාතර දක්වා ප්‍රදේශ ආවරණය කරමින් වැඩසටහන් පැවැති අතර, දෙවන අදියර ලෙස ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවල මෙම වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත.

ඉදිරි පැය 24 ගැන නිවේදනයක් - රට පුරාම අද තත්ත්වය මේකයි

ඉදිරි පැය 24 ගැන නිවේදනයක් - රට පුරාම අද තත්ත්වය මේකයි

මෙම වැඩසටහන ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබේ.

මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ උද්යෝගිමත් සහභාගීත්වය ලැබුණු අතර, ඔවුන් විසින් ඉදිරිපත් කළ අදහස් සහ යෝජනාද විශේෂයෙන් අවධානයට ලක් වූ බව සඳහන් වේ.

ලෙබනනය සුණු විසුණු කරන්න ඊශ්‍රායලයෙන් රහස් මෙහෙයුමක් - සියල්ල හෙළි වේ

ලෙබනනය සුණු විසුණු කරන්න ඊශ්‍රායලයෙන් රහස් මෙහෙයුමක් - සියල්ල හෙළි වේ

එහිදී රජය ක්‍රියාත්මක කරන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් සඳහා තම පූර්ණ සහයෝගය ලබා දීමට ධීවරයන් එකමතිකව එකඟතාවය පළ කළ බවද වාර්තා වේ.

මෙම වැඩසටහන් මාලාව සාර්ථකව අවසන් වූ අතර, ධීවර කර්මාන්තය නීති විරෝධී ජාවාරම්වලින් ආරක්ෂා කිරීම සඳහා ධීවර ප්‍රජාව සමඟ එක්ව අඛණ්ඩව කටයුතු කරන බව අමාත්‍යාංශය යළි අවධාරණය කරයි.