ලන්ඩන් නුවර ඇවිලෙයි - ඇමරිකාවට හා ඊශ්‍රායල එරෙහිව විරෝධතා
ඉරානයට එල්ල වන අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරවලට විරෝධය පළ කරමින් දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් පිරිසක් ලන්ඩන් නුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය දෙසට ගමන් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
බොහෝ පිරිසක් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විවේචනය කරමින් සටන් පාඨ කියමින් සහ පුවරු ප්‍රදර්ශනය කරමින් මෙසේ විරෝධතාවයේ නිරතවන බව වාර්තා වේ. කෙසේවෙතත් මෙහි සංවිධායකයන් පවසන්නේ මෙය ඉරාන පාලන තන්ත්‍රයට සහය දැක්වීම සඳහා පවත්වන විරෝධතාවක් නොවන බවය.
ඒ වෙනුවට, ඔවුන් පවසන්නේ මෙය "නීති විරෝධී, අසාධාරණ සහ කිසිදු කුපිත කිරීමකින් තොරව" සිදු කරන ක්‍රියාවන් නතර කරන ලෙස කරන ඉල්ලීමක් පමණක් වන බවයි.