නාඳුනන මළසිරුරක් වත්තල මුහුදු තීරයෙන් හමුවෙයි.

Police spokesman Sri Lanka Death
By Hashini Sep 19, 2023 03:48 AM GMT
Hashini

Hashini

Report

නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් වත්තල, පල්ලියවත්ත මුහුදු තීරයේ තිබී හමුවී තිබෙනවා.

ඊයේ (18) දහවල් එම මුහුදු තීරයට මළ සිරුර ගොඩගසා ඇති බවට වත්තල පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මියගොස් ඇති පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත.

පොලීසිය ප්‍රකාශ කරන්නේ මියගොස් ඇත්තේ අවුරුදු 65ත් 70ත් අතර උස අඩි 05 අඟල් 05ක් වන තලෙළු සාමාන්‍ය සිරුරකින් යුත් කහ පැහැති අත්කොට කමිසයකින් සහ අළු පැහැති දිග කලිසමකින් සැරසුණු, හිසකෙස් සුදු පැහැ වී ඇති පිරිමි පුද්ගලයෙක් බවයි.

වත්තල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතරම මෘත ශරීරය රාගම රෝහලේ තැන්පත් කර තිබෙනවා 

ReeCha