රුපියල් මිලියන 400 ක් වටිනා හෙරොයින් තොගයක් අල්ලයි... මහ මුහුදේ බිහිසුණු මෙහෙයුම..
Sri Lanka Navy
Drugs
By Sithumi
අද (22) උදෑසන නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාලය විසින් සයුරේ දි සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමක දි හෙරොයින් කිලෝග්‍රෑම් 200ක් සමග සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම මිලියන 400ක් පමණ වන බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි අංශය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදුකළ ගැඹුරු මුහුදේ මෙහෙයුමකදී බහුදින ධීවර යාත්‍රාව අත්අඩංගුවට ගත් බව ඔවුන් ප්‍රකාශ කළේ ය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ හෙරොයින් තොගය අද පෙරවරුවේ දෙවුන්දර තුඩුවේ ධීවර වරාය වෙත රැගෙනවිත් තිබෙනවා.
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව වැඩිදුර විමර්ශන සිදුකරන බව නාවික හමුදාව පවසයි.
