දෙයියනේ.. මේ වගේ දෙයක්?. හීනෙකින්වත් නොහිතපු වෙලාවක.. නාවික හමුදා නිළධාරීයෙක්ට ආ ප්‍රහාරය.
පූනෑව නාවික හමුදා කඳවුරට අනියුක්තව රාජකාරි කළ නිලධාරියෙකු වනඅලි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත් විය.
මෙම ප්‍රහාරයට ඔහු ලක්ව ඇත්තේ ඊයේ (29) රාත්‍රියේ නාවික හමුදා කඳවුර අසල දී ය.
ඒ ජේ.ඒ.එම්.සී ජයකොඩි නමැති නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි 41 හැවරිදි දෙදරු පියෙක් ය.
අදාළ නිලධාරියා පූනෑව නාවික හමුදා කඳවුරේ ප්‍රවාහන අංශය භාරව කටයුතු කළ නිලධාරියෙක් බව සඳහන් වේ.
ඊයේ රාත්‍රී 9:30ට පමණ නාවික හමුදා කඳවුර අසලදී පාගමනින් ගමන් ගත් අවස්ථාවේදී ඔහු මෙම වනඅලි ප්‍රහාරයට ලක්ව ඇත.
පසුව ඔහුව වවුනියාව මූලික රෝහලට ඇතුළත් කර ඇත.
කෙසේ වෙතත්, ඒ වනවිටත් ඔහු මියගොස් ඇති බව පූනෑව පොලීසිය සඳහන් කළේ ය.
You May Like This Video👇
.