ඇත්ගොව්වන්ට විශේෂ පාඨමාලාවක්.
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් ඇත්ගොව්වන් පුහුණු කර සහතික කිරීමේ පාඨමාලාවක් සඳහා අයදුම්පත් කැඳවන බව අධ්‍යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත සඳහන් කළේ ය.
ඒ අනුව අලි ඇතුන් රැකබලා ගැනීම, ඔවුන්ගේ යහපැවැත්ම සහතික කිරීම සහ අලියාගේ හා අලියා හසුරුවන්නාගේ ආරක්ෂාව පිළිබඳ න්‍යායාත්මක මෙන්ම ප්‍රායෝගික අංශ ආවරණය කිරිම මෙම පාඨමාලාව මගින් සිදුකරනු ලබයි.
මෙම පාඨමාලාවේ අරමුණ වන්නේ අලි ඇතුන්ට මෘදු ලෙස සැලකීම සහ ඔවුන් හැසිරවීමේ ආරක්ෂිත ක්‍රම ප්‍රවර්ධනය කිරීම වේ.
මෙම පියවර ගෙන ඇත්තේ තායිලන්ත තානාපති කාර්යාලයේ ඉල්ලීමකට අනුව දෙහිවල සත්වෝද්‍යානයේ තාවකාලිකව රඳවාගෙන සිටි මුතුරාජා සම්බන්ධයෙන් ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වය මතයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙම පාඨමාලාව නව අලි ඇතුන් පාලනය කරන්නන්ට මෙන්ම පළපුරුදු ප්‍රවීණයන්ට ද වැදගත් වන බවයි.
මෙම පාඨමාලාව පින්නවල සත්වෝද්‍යානයේ සහ අලි අනාථාගාරයේ දී මාස හයක කාලයක පැවැත්වීමට නියමිතයි.
කෙසේ වෙතත්, මෙහිදී අධ්‍යාපන සුදුසුකම් සහ වයස බාධාවක් නොවේ.
