කව්ද මේ නීති විද්‍යාල විභාගය කොපි කරපු දකුණු පළාතේ ප්‍රභල මන්ත්‍රී. - ලගදීම පරීක්ෂණයකුත්.

Sri Lanka Politician Sri Lanka
By Sithumi Oct 27, 2023 07:08 AM GMT
Sithumi

Sithumi

Report

මේ දිනවල පැවැත්වෙන නීති විද්‍යාල දෙවන වසර විභාගයට පනී සිටින පාර්ලිම්න්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා එම විභාගය කොපි කරන විට විභාග පරීක්ෂිකාවකට හසු වී ඇති බවට වාර්ථා වනවා.

මේ පිළිබදව අදපුවත් පතක්ද වාර්තා කර තිබුනා.

වාර්තා වී ඈති ආකාරයට විභාගය ලියන අතරතුර ඔහු කොපි කරන අයුරු දැක ඇති විභාග පරීක්ෂිකාවක ඒ ගැන පරීක්ෂා කොට ඔහු කොපි කර ඇති බව තහවුරු කරගැනීමෙන් අනතුරුව ශාලාධිපතිට පැමිණිලි කර තිබෙනවා.

උත්තර සහිත කොළ කිහිපයක් ඔහු සන්තකයේ තිබී සොයා ගෙන ඇති බව සඳහන් වන අතර විභාග දෙපාර්තමේන්තුවෙන් මෙම විභාගය පවත්වන අතර ඒ වෙනුවෙන් දැඩි කොන්දේසි පනවා තිබෙන පසුබිමකයි වාර්තා වන පරිදි බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා එලෙස හැසිරී ඇත්තේ.

කෙසේවෙතත් මෙම සිද්ධිය වසන් කිරීමට විපක්ෂයේ ඉහළ මට්ටමින් ද මැදිහත්ව තිබෙන බව කියවෙන අතර එවැනි සිද්ධියක් නොවුණු බවට කරුණු දැක්වීම සඳහා අදාළ විභාග පරික්ෂිකාවට බලපෑම් එල්ල කරමින් තිබෙන බවද වාර්තා වන්නේ නෑ.

ReeCha