23 හැවිරිදි කාන්තාවක් පැහැර ගැනීමේ උත්සහයක් ව්‍යර්ථ වූ හැටි.

By Wayomi Nov 09, 2022 11:39 AM GMT
Wayomi

Wayomi

Report

මුලතිව් ප්‍රදේශයේ වයස අවුරුදු 23 ක කාන්තාවක් පැහැර ගැනීමට උත්සහ ගත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් කැනඩාවේ සිට පැමිණි 63 හැවිරිදි පුද්ගලයෙකු ඇතුළු තවත් පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට ගැනුණා.

කැනඩාවේ පදිංචියට ගොස් සිටින වයස වුරුදු 23 ක කාන්තාව මීට වසරකට පමණ ඉහතදී විවාහ වී තිබෙනවා.

පසුව කෙටි කලකදි ඇය ඔවුන්ගේම පවුලේ 63 හැවිරිදි ඥාතියෙකු සමඟ අනියම් සම්බන්ධයක් පවත්වා ගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුව මත සැමියා ඇයගෙන් වෙන්ව ජීවත් වී ඇති අතර කාන්තාව සිය ගම්මානය වූ මුලතිව් පළාතට පැමිණ තිබෙනවා.

ඊට දින 10කට පමණ පසුව කැනඩවේ සිට මුලතිව් ප්‍රදේශයට පැමිණි පුද්ගලයෙකු තමන්ට ඇය සමඟ ජීවත් වීමට අවශ්‍ය බව පවසා ඇයව රැගෙන යාමට උත්සහ කර ඇති අතර එයට කාන්තාවගේ ඥාතීන් විරුද්ධ වී තිබුණා.

එම නිසා ඔහු එදින රාත්‍රියේ කාන්තාව පැහැර ගෙන යාමට උත්සහ කර ඇති අතර ඥාතීන් එය වළක්වාගෙන මේ පිළිබදව මුලතිව් පොලීසියට පැමිණිලි කරනු ලැබුවා.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW