පොලිස් නිළධාරින් තිදෙනෙක්ට ප්‍රහාරයක් - වහාම රෝහල්ගත කරලා.. විමර්ශනවල දී හෙළි වුණ දේ..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Sep 18, 2023 01:07 PM GMT
krishani

krishani

Report

ආරවුලක් මත පුද්ගලයින් පිරිසකගෙන් පහර කෑමට ලක් වූ පොලිස් සැරයන්වර‍යෙකු සහ පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

එලෙස තුවාල ලැබූ ඔවුන් තිදෙනා  ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහල සඳහා ඇතුලත් කර ඇත.

මෙම පහරදීම සිදුවී ඇත්තේ තලාතුඔය ගුරුදෙණිය මාර්ගයේ දී බව පොලිසිය සඳහන් කළේ ය.

විමර්ශනවල දී අණාවරනය වී තිබෙන්නේ එම පහරකෑමෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයෙකු අනවසරයෙන් භට නිවාසයෙන් බැහැරට ගොස් ඇති බවයි.

මෙම නිලධාරීන් තිදෙනා මෙලෙස පහරකෑමට ලක් වූ හේතුව මෙතක් අනවරණය වී නොමැත.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධව පොලිසිය විසින් ඉදිරි විමර්ශන සිදුකරනු ලබයි.

ReeCha