වංචාවක් හෙළි කිරීමට ගිය ප්‍රධාන මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියෙකුට පහර දුන් හැටි මෙන්න (VIDEO)
කුරුණෑගල - හිරියාල සමුපකාරයේ වැඩි මිලට සීනි අලෙවි කිරීමේ ජාවාරමක් අනාවරණය කිරීමට ගිය හිරු ප්‍රාදේශීය මාධ්‍යවේදියාට එහි සභාපතිවරයා ඇතුළු පිරිසක් පහර දී කැමරාවට හානි සිදුකර තිබෙනවා. කෘතීම ලෙස සීනි මිල ඉහළ දැමීම සඳහා පසුගිය කාලයේ ව්‍යාපාරිකයින් සීනි තොග සඟවා තැබීමත් සමඟ සීනි මිල ශීඝ්‍රයෙන් ඉහළ ගියා.
අනතුරුව, එම සීනි තොග සමුපකාර සහ සතොස ඇතුළු ආයතන වෙත මුදා හැරියේ රුපියල් 122 සිට 128 දක්වා වූ උපරිම සිල්ලර මිල ගණන් යටතේ අලෙවි කිරීම සඳහායි. මෙවැනි පසුබිමක කුරුණෑගල - හිරියාල සමූපකාරයේ නීති විරෝධීව සීනි රුපියල් 122 බැගින් තොග මිලට අලෙවි කරන බවට තොරතුරු වාර්තා වී තිබුණා.
වංචනික ලෙස වැඩි මිලට සීනි තොග අලෙවි කරන හිරියාල සමූපකාරය වටලන ලෙස පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට තොරතුරු ලබා දුන්නත් ඔවුන් එය මඟහැරීමටයි කටයුතු කළේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් එලෙස වැටලීමට පසුබැස්ස ද, මෙම වංචාව රටට හෙළිකිරීම සඳහා මාධ්‍යවේදියා හිරියාල සමූපකාරයට ළඟා වුණා.
එහිදී සීනි මිටියක් සඳහා මුදල් ගෙවූව ද ඔවුන් ඒ සඳහා බිල් පතක් ලබාදීම ප්‍රතික්ෂේප කර සිටියා. මෙම වංචාවට විරුද්ධව පොලිසියට පැමිණිලි කිරීම සඳහා මාධ්‍යවේදියාට එම ස්ථානයෙන් පිටවීමට ඉඩ ලබා නොදුන් හිරියාල සමුපකාරයේ සභාපතිවරයා ඇතුළු පිරිසක් ඔහුට පහර දී කැමරාවට හානිසිදුකර තිබුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |