බෝට්ටුවකට දැවැන්ත ප්‍රහාරයක්..සිවිල් වැසියන් 49 දෙනෙකු ජීවිතක්ෂයට..
Accident
Death
World
By Aruna
මාලි රාජ්‍යයේ ඊසානදිග ප්‍රදේශයේ බෝට්ටුවකට ඉස්ලාමීය සටන්කාමීන් පිරිසක් විසින් එල්ල කළ ප්‍රහාරයකින් සිවිල් වැසියන් 49 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වනවා.
ඔවුන් හමුදා කඳවුරකට ද ප්‍රහාරයක් එල්ල කර ඇති බව එරට අන්තර්වාර රජයේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.
ඉන් සෙබළුන් 15 දෙනෙකු මිය ගොස් ඇති බව සඳහන්.
සටන්කාමීන් 50 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවට ද තොරතුරු වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ, මේ හේතුවෙන් මාලි රාජ්‍ය දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි.
