මැතිවරණ පැමිණිලි කිරීමට අලුතින් එන ඇප්!
Election Commission of Sri Lanka
Election
Local government Election
By Shehan
පළාත් පාලන මැතිවරණයට සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා නව ජංගම දුරකථන යෙදවුමක් අද (22) හඳුන්වා දෙන ලදී.
එය හඳුන්වා දුන්නේ මැතිවරණ කොමිෂන් සභාවේදී ය. මැතිවරණ පැමිණිලි විධිමත් හා නවීන තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ ඉදිරිපත් කිරීමට හැකිවන පරිදි, EC EDR නම් ජංගම දුරකථන යෙදවුමක් නිර්මාණය කර ඇත.
මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා ප්‍රකාශ කළේ, "මහජනතාවට පැමිණිල්ලක් තිබේ නම්, දැන් එය මෙම යෙදවුම හරහා ඉදිරිපත් කිරීමේ හැකියාව තිබෙනවා.
පැමිණිලි කළ පුද්ගලයාට තමන්ගේ පැමිණිල්ලට කුමක් සිදුවුණේද යන්න දැන ගැනීමටත් පුළුවන්. මෙම යෙදවුම ඔස්සේ වීඩියෝ, ඡායාරූප සහ තොරතුරු ලබාදීමේ හැකියාවත් ඇත."
