ආරක්‍ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්.
Sri Lanka
Ministry of Defense Sri Lanka
By Hashini
ආරක්ෂක අමාත්‍යංශය ත්‍රස්තවාදය හා ඊට සම්බන්ධ ක්‍රියාකාරකම්වලට ආධාර අනුබල දීම හේතුවෙන් අසාදු ලේඛනගත කර සිටි පුද්ගලයන් දෙදෙනෙකු එම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඊයේ (23) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ඉවත් කිරීම සිදුකර තිබෙනවා.
නික්ලාපිල්ලේ ඇන්තනී එමිල් ලක්ෂ්මි කාන්දන් හෙවත් රමේෂ් යන පුද්ගලයා අසාදු ලේඛනයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඔහුට එරෙහිව අන්තර්ජාතික පොලීසිය විසින් රතු නිවේදනයක් ද නිකුත් කර ඇති බව සඳහන්ය.
ආරක්ෂක අමාත්‍යංශය විසින් මුරුගේසු ශ්‍රී සන්මුගරාජා යන පුද්ගලයා ද අසාදු ලේඛනයෙන් ඉවත්කිරීමට පියවර ගෙන තිබෙනවා.
2014 වසරේ සිට මොවුන් දෙදෙනා අසාදු ලේඛනයට ඇතුලත් කර ඇත්තේ ත්‍රස්තවාදය සහ ඒ හා සම්බන්ධ ක්‍රියාවලට ආධාර අනුබල ලබාදීමේ චෝදනාව මතයි.
