ග්‍රාම නිලධාරි සංගමයෙන් අවිධිමත් වැඩපිළිවෙල සම්බන්දයෙන් ආණ්ඩුවට දැඩි චෝදනාවක්..
Government Employee
Sri Lanka
Sri Lanka Government
By Piyumika
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ලබාදීමේදී පසුගිය රජය ක්‍රියාත්මක කළ අවිධිමත් වැඩපිළිවෙල වත්මන් ආණ්ඩුව ද අනුගමනය කරමින් සිටින බවට ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි සංගමය චෝදනා කරනවා.
එම සංගමය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් ද යොමු කර ඇති අතර එමගින් අවධාරණය කර ඇත්තේ අස්වැසුම වැඩසටහන සදහා සුදුස්සන් තෝරා ගැනීමේදී නිවැරදි නිර්ණායක ක්‍රියාත්මක කළ යුතු බවයි.
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ලබාදීමේ වැඩසටහන අවිධිමත් බවට පවසමින් පසුගිය වසරේ මැයි මස 07 වනදා සිට ග්‍රාම නිලධාරින් ඉන් ඉවත් වූ අතර මේ වනවිට එම කටයුතු සිදු කරනු ලබන්නේ සංවර්ධන නිළධාරින් විසිනි.
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ලබාදීමේ වැඩසටහනට අයදුම් කිරීම සදහා ලබන 09 දක්වා හැකියාව පවතිනවා.
You may like this video
