කීරි සම්බා වෙනුවට ආදේශකයක්

Report

මෙරට වෙළඳපළ තුළ කීරි සම්බාහිරයක්කී නිර්මාණය වී තිබෙයි.එම නිසා කීරි සම්බා සහල් ප්‍රමාණවත්ව මෙරට වෙළඳපොළ තුළ නොමැති බවට ශ්‍රී ලංකා පාරිභෝගික සේවා අධිකාරය විසින් කරන ලද කරුණු දැක්වීම පදනම් කරගනිමින් කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිර්දේශ කර තිබෙනවා.

සජින් වාස් ගුණවර්ධනට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවයි

සජින් වාස් ගුණවර්ධනට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවයි

ඉන් මෙට්‍රික් ටොන් 5,000 ක් රජයේ ආයතන මගින් ද සෙසු සහල් ප්‍රමාණය පෞද්ගලික අංශය මගින් ද ආනයනය කිරීමට තීරණය වී තිබෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ. රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීම සඳහා එම කමිටුව ඊයේ (25) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදී මෙම තීරණයට එළැඹුණා.

ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂයට අලුතෙන් එකතුවෙන ලංකාවේ වචන

ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂයට අලුතෙන් එකතුවෙන ලංකාවේ වචන