වෙලේ සුදාගේ නඩුව කල් යයි

Sri Lanka Magistrate Court Law and Order Latest Headlines Sinhala news
By Hashini Jun 26, 2025 09:28 AM GMT
Hashini

Hashini

Report

 කොළඹ මහාධිකරණය අද (26) නියම කළේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර හෙවත් 'වෙලේ සුදා' ඇතුළු විත්තිකරුවන් දෙදෙනාට එරෙහි නඩුව ඔක්තෝබර් 10 වනදා විභාගය සඳහා කැඳවන ලෙසයි.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී බන්ධනාගාර ගතව සිටින වෙලේ සුදා දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරිය, මෙම නඩු විභාගය ඔක්තෝබර් මස 10 සහ 14 යන දිනවල කැඳවන ලෙස නියෝග කළාය.

වෙලේ සුදා මේ වනවිට මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනාවලට වරදකරු වී ඇති අතර, ඔහු එම දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඇපෑලක් ඉදිරිපත් කර තිබේ. 

ගුටි කාපු සඳමාලි වේදනාවෙන් ව්‍රායිට අමතයි

ගුටි කාපු සඳමාලි වේදනාවෙන් ව්‍රායිට අමතයි

ReeCha