ව්‍රායි නීතිය කඩපු නිසා කොළඹ මංගල සභා රැස්වීම කල් යයි

Report

කොළඹ මහ නගර සභාවේ මංගල මහා සභා රැස්වීම අතරවාරයේ ඇති වූ උණුසුම් වාතාවරණයක් නිසා එහි නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය රැස්වීම විනාඩි 10කට කල් තබා ඇති බව වාර්තා වේ.

මෙම උණුසුම් තත්ත්වය ඇතිව තිබුණේ න්‍යාය පත්‍රය නිකුත් කිරීමේදී නීතිමය ක්‍රියා පටිපාටි උල්ලංඝනය වී තිබෙන බවට විපක්ෂ මන්ත්‍රීවරු චෝදනා කිරීමත් සමඟයි.

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

ඒ අනුව සමගි ජන බලවේගයේ නාගරික මන්ත්‍රී රෝයි බෝගහවත්ත මහතා දැක්වූයේ මහ නගර සභා ආඥා පනතට අනුව මහා සභා රැස්වීමේ න්‍යාය පත්‍රය දින 4කට පෙර සභිකයන් වෙත යොමු කළ යුතු වන බවයි.

එහෙත් අඳාළ රැස්වීමේ දී න්‍යාය පත්‍රය රැස්වීම ආරම්භ වීමට මොහොතකට පෙර ලැබුණු බව ඔහු ප්‍රකාශ කළා.

ඒ සමඟ අඳාළ ක්‍රියාව නීති විරෝධී ක්‍රියාවක් බවට මන්ත්‍රීවරයා විසින් නගරාධිපතිනියගෙන් සහ කොළඹ මහ නගර සභාවේ කොමසාරිස් පාලිත නානායක්කාර මහතාගෙන් ප්‍රසිද්ධියේ ප්‍රශ්න කර තිබෙනවා.

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

කෙසේ වුවත් ඊට පිළිතුරු වශ‍යෙන් නගරාධිපතිනිය සහ නාගරික කොමසාරිස්වරයා විසින් අඳාළ ක්‍රියාව වැරැද්දක් බව පිළිගත් අතර ඉදිරියේදී එවැනි දෝෂ වළක්වා ගැනීමට වගබලා ගන්නා බවත් පවසා ඇත.

මේ අතර සමගි ජන බලවේගයේ නාගරික මන්ත්‍රී මහේන්ද්‍ර සිල්වා මහතා නැගී සිටිමින් අවධාරණය කර ඇත්තේ මෙවැනි නීති විරෝධී න්‍යාය පත්‍රයක් මත ස්ථාවර කාරක සභා පත් කළහොත් එම සභා ද නීති විරෝධී වන බවයි.

ජනාධිපති පොදු සමාවෙන් කාන්තාවන් දෙන්නෙක් මරලා දාපු හිටපු ඇමති බිරිදකුත් නිදහස් කරන්

ජනාධිපති පොදු සමාවෙන් කාන්තාවන් දෙන්නෙක් මරලා දාපු හිටපු ඇමති බිරිදකුත් නිදහස් කරන්

එනිසා මන්ත්‍රීවරයා යෝජනා කර තිබුණේ සභාව කල් තබා වෙනත් දිනයක කැඳවන ලෙස බව ද සඳහන්. එහෙත් නියෝජ්‍ය නගරාධිපති හේමන්ත කුමාර මහතා විසින් සභාව විනාඩි දහයක් හෝ පහළොවක් කල් තබා නැවත ආරම්භ කළ හැකි බව පවසා ඇත.

ඒ අනුව එම යෝජනාවට ක්‍රියාත්මක වූ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය එම සභාව විනාඩි දහයක් කල් තබන බව පවසා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ. 

ගුටි කාපු සඳමාලි වේදනාවෙන් ව්‍රායිට අමතයි

ගුටි කාපු සඳමාලි වේදනාවෙන් ව්‍රායිට අමතයි