තවත් සතියකින් පසු ලේ ලබාදීම නවතින ලකුණු. ලේ බැංකුවත් අඩපණ වෙයි.
Ministry of Health Sri Lanka
By Wayomi
රෝගියකුට රුධිරය දීමට පෙර ඒඩ්ස්, එප්ටයිසීස් B හා C රෝගය පරීක්ෂා කරන එලයිසා කියන රසායනය හිඟ වී ඇති බව රුධිර පාරිවිලයන සේවයේ ජාතික අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මි එදිරිසිංහ සඳහන් කරනවා.
ඇය වැඩිදුරටත් පවසන්නේ, එලයිසා කියන රසායනය තව ඇත්තේ, සතියකට පමණක් බවයි.
සැපයුම්කරු විසින් ඊට අදාළ සැපයුම් ලබා දීමට සහතික වී ඇතත් ඒ සඳහා විශාල මුදලක් ගෙවිය යුතු බවයි වෛද්‍යවරිය අවධාරණය කරන්නේ.
මේ හේතුවෙන් රුධිරය එකතු කර ගැනීම ද යම් සීමාවකට ලක් වී තිබෙනවා.
ඒ, නිසා ඉදිරි සතියේ රුධිර කඳවුරු පැවැත්වීමේ දී රිධිර ධායකයන් 50ක පමණ කුඩා කඳවුරු පමණක් සංවිධානය කරන ලෙස යි රුධිර පාරිවිලයන සේවය නිවේදනය කරන්නේ.
මේ තත්වය එය යථාවත් කර ගැනීමට නොහැකි වුව හොත් බරපතළ අභියෝගයකට මුහුණ දීමට සිදු වන බවයි වෛද්‍යවරිය වැඩිදුරටත් පේනවා දෙන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |