ලොකු ළමයෙක් උනහම බන්ඳලා දෙන්න දැරියකට කළ පහත් වැඩක්.. පුතයි අම්මයි එකතු වෙලා කරපු දෙය හෙළි වෙලා..

China Latest Headlines Decision Making
By krishani May 10, 2024 11:00 AM GMT
krishani

krishani

Report

11 හැවිරිදි දැරියක පැහැරගෙන ගිය පුවතක් චීනයෙන් වාර්තා වේ.

ලොකු ළමයෙක් උනහම බන්ඳලා දෙන්න දැරියකට කළ පහත් වැඩක්.. පුතයි අම්මයි එකතු වෙලා කරපු දෙය හෙළි වෙලා.. | An 11 Year Old Girl Was Kidnapped In China

ඒ වැඩිවියට පත්වීමෙන් පසු සිය පුත්‍රයාට විවාහ කර දීමේ අරමුණින් ය.

දැරිය පැහැරගෙන ගිය කාන්තාවකට සහ ඇගේ පුත්‍රයාට එරට ප්‍රාන්ත අධිකරණය මගින් මාස 31 බැගින් සිරදඬුවම් නියම කර තිබෙනවා.

අදාළ දැරිය දැකීමෙන් පසු සිය 27 හැවිරිදි පුත්‍රයාට ඇය විවාහ කරදීමට දැරියගේ මාපියන්ට යෝජනා කර ඇති බව වාර්තා වේ.

ඇගේ මාපියන් එම යෝජනාව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙසේ පුත්‍රයා සමඟ එක්ව දැරිය පැහැරගෙන ගොස් ඇත.

චීනයේ විවාහ පනතින් ළමා විවාහ තහනම් කරනු ලැබු තිබෙනවා.

කෙසේ වෙතත්, වැඩිවියට පත්වීමෙන් පසු සිය පුතුන්ට විවාහ කරදීමට දිළිඳු දැරියන් රැගෙන හදා වඩා ගැනීම් ද බහුලව සිදුවන බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.