අවුරුදු 11ක පොඩි ළමයෙක්ව වෙඩි තබා ඝාතනය කරයි

Report

'ඩිං ඩොං ඩිච්' (ding dong ditch) නමැති සුලබ විනෝද ක්‍රීඩාවක යෙදී සිටි 11 හැවිරිදි පිරිමි ළමයකු ටෙක්සාස්හි හූස්ටන් නගරයේදී වෙඩි තබා ඝාතනය කර ඇත.

මෙය ඉකුත් සති අන්තයේ සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව හූස්ටන් පොලිස් දෙපාර්තමේන්තුවේ මිතුරන් පිරිසක් සමඟ සෙනසුරාදා රාත්‍රියේ නිවසක දොර සීනුව නාද කර පලා යමින් සිටියදී මෙම පිරිමි ළමයා වෙඩි තැබීමට ලක්ව ඇති බව සඳහන්.

2025 ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් කරන දවස ගැන විශේෂ නිවේදනයක්

2025 ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් කරන දවස ගැන විශේෂ නිවේදනයක්

දරුවන් අතර ඉතා ජනප්‍රිය විනෝද ක්‍රීඩාවක් වන "ඩිං ඩොං ඩිච්" සිදු කරන විට ඔවුන් නිවසක දොරට තට්ටු කර හෝ සීනුව නාද කර දොර විවෘත කිරීමට පෙර පලා යන අතර මෑත වසරවලදී, සමාජ මාධ්‍ය ඔස්සේ මෙම ක්‍රීඩාව තවත් ජනප්‍රිය වී තිබුණා.

කෙසේ වෙතත් මෙම සිදුවීම සිදුවන විට දොර සීනුව නාද කිරීමෙන් අනතුරුව පිරිමි ළමයෙකු නිවසෙන් දුව යනු දුටු බවට සාක්ෂිකරුවෙක් පොලිසියට ප්‍රකාශ කර ඇත. එහෙත් පසුව ඔහුට වෙඩි තැබීම සිදුව ඇති බව ද ඔහු පවසා ඇත.

දැනටමත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු රඳවාගෙන ප්‍රශ්න කර ඇති නමුත්, ඔහුට තවමත් චෝදනා ගොනු කර නැති බව පොලිසිය සඳහන් කරයි.

මේ ලග්න හිමියන් අද අනිවාර්යෙන් පරිස්සම් වන්න - වෙන්න යනදේ මෙන්න

මේ ලග්න හිමියන් අද අනිවාර්යෙන් පරිස්සම් වන්න - වෙන්න යනදේ මෙන්න

එසේම අඳාළ පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක අතර, ඔහුට මිනීමැරුම් චෝදනා එල්ල කළ හැකිද යන්න තීරණය කිරීමට පොලිසිය නීතිපති කාර්යාලය සමඟ කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

මේ අතර හූස්ටන් පොලිස් දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් පිළිබඳ රහස් පරීක්ෂක සාජන් මයිකල් කැස් විසින් මෙම වෙඩි තැබීම නිවසට නුදුරින් සිදුව ඇති නිසා එය ආත්මාරක්ෂාව සඳහා සිදුකළ එකක් ලෙස නොපෙනෙන බවත්, ඒ නිසා එය බොහෝ දුරට මිනීමැරුම් චෝදනාවක් වනු ඇති බවත් ප්‍රකාශ කරයි.

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්