බොලිවුඩ් සුපිරි තරුව රූගත කිරීම් අතරතුර තුවාල ලබයි

By Sewvandhi Mar 06, 2023 10:29 AM GMT
Sewvandhi

Sewvandhi

Report

 ඉන්දීය සුපිරි නළු අමිතාබ් බච්චන් හයිද්‍රාබාද් හි පැවති රූගත කිරීමක් අතරතුර තුවාල ලබා තිබෙනවා.

80 හැවිරිදි වියේ පසුවන අමිතාබ් බච්චන් ක්‍රියාදාම රූගත කිරීමක් අතරතුර ඉළ ඇටයේ සිදු වූ කාටිලේජ පිපිරීමක් හේතුවෙන් තුවාල ලබා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

අමිතාබ් බච්චන් හයිද්‍රාබාද් හිදී වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන ඇති අතර මේ වන විට මුම්බායි හි පිහිටි නිවසේ විවේකීව කාලය ගත කරන බව සඳහන්.

මේ සම්බන්ධයෙන් සිය බ්ලොග් අඩවියේ සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් සුවය ලැබෙන තෙක් සියලු කටයුතු තාවකාලිකව නවතා දමා ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ReeCha