අයහපත් කාලගුණය අදත් .විශාල පිරිසක් පිඩාවට

By Hashan May 30, 2025 06:53 AM GMT
Report

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පවුල් 485 කට අයත් පුද්ගලයින් 1757 දෙනෙකු පීඩාවට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසා සිටිනවා.   

ඒ අතරින් නිවාස 3 ක් පූර්ණ වශයෙන් හානි සිදු වී ඇති අතර තවත් නිවාස 365කට අර්ධ වශයෙන් හානි සිදු වී ඇත. නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රිය වීමත් සමග ඊයේ (29) සවස් කාලයේ සිට දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අධික වර්ෂාපතනයක් සහ දැඩි සුළං තත්ත්වයක් වාර්තා වුණා.   

මම එහෙම කළේ නෑ... මාලනීගේ දේහය ළඟ දී අම්මෙක්ව තල්ලු කරපු නිළිය කට අරී

මම එහෙම කළේ නෑ... මාලනීගේ දේහය ළඟ දී අම්මෙක්ව තල්ලු කරපු නිළිය කට අරී

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර සිටියේ දිස්ත්‍රික්ක 9 කට වර්ෂාවෙන් සහ සුළං තත්ත්වයෙන් හානි සිදු වී ඇති බවයි.  කෙසේ වෙතත් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට සුළඟින් දැඩි බලපෑම් එල්ල වී ඇත.

එසේම මෙම තත්වය හේතුවෙන් එම තදාසන්න ප්‍රදේශවල මාර්ග කිහිපයක වාහන ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබිණා.

"මම එයාගේ මූණ බලන්නෑ.. කාලකණ්නි නිළියෝ" - මාලනී බලන්න ආ කුමාර ආවේගශීලි වෙයි

"මම එයාගේ මූණ බලන්නෑ.. කාලකණ්නි නිළියෝ" - මාලනී බලන්න ආ කුමාර ආවේගශීලි වෙයි