ජම්පරේ ඇඳන් මහින්දානන්ද සහ නලින් වැඩට බසී

Report

හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු හට බරපතළ වැඩ සහිතව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් ඊයේ (29) දින සිරදඬුවම් නියම කරනු ලැබුවා.   

ඒ අනුව ඔවුන් වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය‍ සිරකරුවන් රඳවා සිටින පොදු වාට්ටුවකට ඇතුළත් කර තිබෙනවා . එසේම ඔවුන් දෙදෙනාට ජම්පරය අන්දවා ඇති අතර නිදාගැනීම සඳහා පැදුරක් සහ කොට්ටයක් ලබාදී ඇති බව වාර්තා වෙයි.

පිරිමි ළමයෙකුගේ සෙන්ටිමීටර 70ක් දිග එකක්??? අම්මෝ වාර්තාවක්

පිරිමි ළමයෙකුගේ සෙන්ටිමීටර 70ක් දිග එකක්??? අම්මෝ වාර්තාවක්

ඊයේ දින පස්වරුවේම දඬුවම් නියම වූ හිටපු අමාත්‍යවරුන් දෙදෙනා වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ආ අතර එහි දී හිටපු අමාත්‍යවරුන් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර ඇත.  පසුව සාමාන්‍ය සිරකරුවන් රඳවා සිටින පොදු වාට්ටුවකට ඔවුන් යොමු කර ඇත.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායක මහතා පවසා සිටියේ අධිකරණය විසින් වරදකරුවන් කරනු ලැබු සිරකරුවන්ට අන්දවන "ජම්පරය" ඔවුන් දෙදෙනාටද ඇඳීමට ලබා දී ඇති බවයි.   

Miss funeral නිර්ධාට චමුදිතගෙන් කනේ පාරක්

Miss funeral නිර්ධාට චමුදිතගෙන් කනේ පාරක්

මේ අතර අද දිනයේ දී ඔවුන්ට බන්ධනාගාරය තුළ වැඩ නියම කිරීමට නියමිත අතර බොහෝ විට ඔවුන් දෙදෙනාම වැලිකඩ බන්ධනාගාරයේ මුද්‍රණ අංශයේ සේවයේ යොදවනු ඇතැයි වාර්තා වෙයි.