මහින්දට අත තියන්න එපා...ප්‍රබල රටවල් දෙකක් මාලිමවට දැනුම් දෙයි... වැඩ වරද්ද ගන්න එපා
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට අත තබන්නට එපා යනුවෙන් ප්‍රබල රටවල් දෙකක නායකයන් මාලිමා ආවට පවසා ඇති බව වාර්තා වනවා.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා යනු මෙරටට විශාල සේවයක් කළ අයෙකු බවත් ඔහුව ආරක්ෂා කර ගැනීමේ වත්මන් ආණ්ඩුවේ වගකීමක් බවයි එම රටවල් පෙන්වා දී තිබෙන්නේ.
දැනට ඔහු වාසය කරන කොළඹ විජයරාම නිල නිවසේ නිදහසේ හිටපු ජනාධිපතිවරයාට වාසය කිරීමට ඉඩ සලසා දෙන ලෙසත් ඔහුට හිරිහැර කිරීමෙන් වලකින ලෙසත් වත්මන් මාලිමා ආණ්ඩුවට දැනුම් දී ඇති බවයි පැවසෙන්නේ.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වර්තමානයේ ජිවත්වන නිවාස සම්බන්ධයෙන් වර්තමානයේ බලයට පැමිණි මාලිමා ආණ්ඩුවේ ප්‍රධාන මාතෘකාවක් වී තිබුනා.
මේ සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එම නිවසින් ඉවත් වන ලෙසත් එසේ නොයන්නේ නම් අවසාන නිවේදනයක් ද නිකුත් කරන බව ආදී නොයෙකුත් ප්‍රකාශ සිදු කරනු ලැබුවා.
මේ සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේ ලිකිතව දැනුම් දෙන්නේ නම් තමා මෙම නිවසින් යන බවයි. කෙසේ නමුත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එම ඉවසේ වාසය කිරීමට දෙන ලෙස විදෙස් රටවල් දෙකක් ආණ්ඩුවට පවසා තිබෙනවා.
