රටේම රහස් චීනෙට විකුණූ නාවික සෙබළා මාස 200ක් හිරේට

Report

චීනය වෙනුවෙන් රහස් තොරතුරු හුවමාරු කළ බවට වරදකරු වූ අමෙරිකානු නාවික හමුදාවේ හිටපු සෙබළෙකුට අමෙරිකානු අධිකරණය මාස 200 ක, එනම් වසර 16 ක සිරදඬුවමක් නියම කර ඇති බව නිවේදනය කර තිබේ.

ඔහු ජින්ෂාඋ-වෙයි (Patrick Wei) ලෙස හැඳින්වෙයි. වයස අවුරුදු 25 ක් වන ඔහු 2023 අගෝස්තු මාසයේ සැන් ඩියාගෝ නාවික කඳවුරේ ‘USS Essex’ නෞකාවේ සේවයට වාර්තා කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබුණා.

අධිකරණයේදී අනාවරණය වූයේ, ඔහු චීන බුද්ධි නිලධාරියෙකුට අමෙරිකානු ජාතික ආරක්ෂක තොරතුරු ඩොලර් 12,000 ක් වටිනා මුදලකට විකුණා ඇති බවයි.

නියෝජ්‍ය නීතිපති ටොඩ් බ්ලැන්චේ පවසන්නේ, ඔහු දිවුරුම් දුන් රටට විරුද්ධව ජාතික ආරක්ෂාවට තර්ජනයක් කළ බවයි. සහකාර නීතිපති ජෝන් ඒ. අයිසන්බර්ග් සඳහන් කළේ, පුද්ගලික ලාභය වෙනුවෙන් හමුදා රහස් විකුණන අයට එවැනි දඬුවම දැඩි පාඩමක් වනු ඇති බවයි.

විමල්ගේ සත්‍යග්‍රහය අවසන් කරයි

විමල්ගේ සත්‍යග්‍රහය අවසන් කරයි

වෙයි විසින් චීනයට ලබා දුන් තොරතුරු අතර USS Essex නෞකාවේ ආයුධ පද්ධති, එන්ජින් පද්ධති, ජල පිරිහදු කිරීමේ පද්ධති, නෞකා බලශක්ති පාලනය, ආයුධ පාලනය සහ හානි පාලනය පිළිබඳ ඉතා සංවේදී තොරතුරු ඇතුළත් බව අමෙරිකානු අධිකරණය පවසයි.

තවද, ඔහු නාවික හමුදා මෙහෙයුම් අත්පොත් 60 ක් සහ දහස් ගණනක තාක්ෂණික ලේඛන චීනයට ලබා දී ඇති බවද සඳහන් වේ. ඔහුගේ මෙම ක්‍රියාකාරකම් අමෙරිකානු ජාතික ආරක්ෂාවට දැඩි හා සිදුවිය හැකි තර්ජනකාරී බලපෑම් ඇති කළ බව අධිකරණය අවධාරණය කරයි.

රාජ්‍ය සේවයට එන්න බලාගන ඉන්න ඔයාට සුබ ආරංචියක්

රාජ්‍ය සේවයට එන්න බලාගන ඉන්න ඔයාට සුබ ආරංචියක්