ඇමරිකාවෙන් ශ්‍රී ලංකාව ගැන විශේෂ පණිවුඩයක් නිකුත් කරයි.!!!

American Express Sri Lanka
By Aruna Jul 13, 2022 11:02 PM GMT
Aruna

Aruna

Report
290 Shares

සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් හෙළා දකින අතර නීතියේ ආධිපත්‍යය තහවුරු කරන ලෙස ඉල්ලා සිටින බව ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපතිනි ජුලි චන්ග් පවසනවා.

ජාතියේ අභිවෘද්ධිය සඳහා කැපවීමෙන් කටයුතු කරන ලෙසට සහ දිගුකාලීන ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය ගෙන එන විසඳුම් ක්‍රියාත්මක කිරීමට කඩිනමින් කටයුතු කරන ලෙස සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බව ද ඇය ප්‍රකාශ කළා.

ප්‍රජාතන්ත්‍රවාදී සහ ව්‍යවස්ථාමය රාමුව තුළ සාමකාමී බල හුවමාරුව මගින් වගවීම, විනිවිදභාවය, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ යහපත් අනාගතයක් සඳහා වන ජනතා ඉල්ලීම් සාක්ෂාත් කරගත හැකි බවයි ඇය පෙන්වා දෙන්නේ.

එමෙන්ම මෙම අවස්ථාවේ කලහකාරී නොවී සන්සුන්ව කටයුතු කරන ලෙසට අවධාරණය කරන බවයි ඇමරිකා තානාපතිනියගේ ට්විටර් සටහනේ දැක්වෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery