මැතිසබයේදී හඬාවැටුණු මන්ත්‍රී අතුකෝරලගේ බිරිඳ

Parliament of Sri Lanka Sri Lanka Politician Amarakeerthi Athukorala
By Sewvandhi Jun 10, 2022 09:01 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සාහසිකයන් පිරිසක් විසින් නිට්ටඹුවේදී ඝාතනය කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා පිළිබඳ ශෝක යෝජනා විවාදය දැකබලා ගැනීමට පැමිණි අතුකෝරල මහතාගේ බිරිඳ වන මාලනි අතුකෝරල මහත්මිය පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සිය ස්වාමියාගේ ගුණ වර්ණනා කරන සෑම අවස්ථාවකදීම වරින්වර හඬා වැටීම අද මැතිසබයේදී දක්නට ලැබුණු සංවේදී සිද්ධියක් විය.

අමරකීර්ති අතුකෝරල මහතාගේ පුත් රනිදු අතුකෝරල සහ තවත් ඥාතියකුද විවාදය දැක බලා ගැනීම සඳහා පැමිණ කතානායක ගැලරියේ රැඳී සිටිනු දැකගත හැකිවිය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ReeCha