පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති ඝාතනයේ සැකකරුවන් 42 ට සිදුවු දේ..
පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල සහ එතුමාගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ චෝදනා එල්ලවී ඇති සැකකරුවන්ට නඩු පවරා තිබේ.
ඒ අනුව ගම්පහ මහාධිකරණයේ එම ඝාතන සිද්ධියට චෝදනා එල්ලවී ඇති සැකකරුවන් 42කට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පැවරීමට පියවර ගෙන ඇත.
ඉකුත් වසරේ මැයි 09 වනදා රට තුළ පැවැති තත්ත්වය හමුවේ මෙම ඝාතනය සිදුවී තිබුණි.