රාජකාරී වේලාවෙන් පසු සිදුකරන සැත්කම් සඳහා දිරි දීමනාවක්. - රජයෙන් ගත් විශේෂ තීරණය මෙන්න.
රජයේ රෝහල්වල රාජකාරී වේලාවෙන් පසු සිදුකරන සැත්කම් සඳහා දිරි දීමනාවක් ලබාදීමට ජනාධිපති අරමුදල තීරණය කර තිබෙනවා.
ඒ, 2025 වර්ෂය සඳහා ජනාධිපති අරමුදලේ පාලක සභාව ඊයේ (28) පළමු වරට රැස්වූ අවස්ථාවේදීයි.
එහිදී ජනාධිපති අරමුදලේ ප්‍රතිලාභ සැබවින්ම ජනතාවට ලැබෙන අන්දමින් කාර්යක්ෂම කිරීම සඳහා සැලසුම් සකස් කිරීම, පවතින ගැටලු හඳුනා ගනිමින් ඒවාට විසඳුම් ලබාදීම පිළිබඳව සාකච්ඡා කර ඇත.
එමෙන්ම රජයේ රෝහල්වල සැත්කම් සඳහා වූ පොරොත්තු ලේඛනයේ වැඩි පිරිසක් රැඳී සිටීම පිළිබඳව එහිදී සාකච්ඡාවට ලක් කර ඇති අතර, ඊට විසඳුමක් ලෙස රාජකාරී වේලාවෙන් පසු සැත්කම් සිදුකිරීමක්, එම සේවාවන් ඉටුකරන කාර්යය මණ්ඩලය සඳහා ජනාධිපති අරමුදලෙන් දිරි දීමනාවක් ලබාදීම පිළිබඳවත් අවධානය යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.
ජනාධිපති අරමුදල් පාලක සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් ඊයේ ජනාධිපති කාර්යාලයේදී රැස්වූ අතර, ඊට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ මහතා ඇතුළු පිරිසක් ඊට එක්විය.
You May Like This Video
