ලියවිලි කිසිත් නෑ ආයෙත් රැඳවියන් 30ක් එළියේ

Law and Order Prisons in Sri Lanka Prison Court of Appeal of Sri Lanka Sinhala news
By Mithu Jun 20, 2025 05:56 PM GMT
Mithu

Mithu

Report

පසුගිය රජයන් බලයට පත් වූ කාලසීමාවේදී කිසිදු අනු දැනුමකින් තොරව සිරගත වූ බොහෝ පුද්ගලයන් නිදොස් කොට නිදහස් කර බවට  විවිධ චෝදනා එල්ල විය.මේ අනුව මූල්‍ය වංචාවකට අසූ පුද්ගලයෙක් ජනපති සමාව ලැබුවා යැයි වංචනික ලෙස නිදහස් කිරීමේ සිද්ධියක් අනාවරණය වීමෙන් සමාජය තුල අනීතිකව සිරකරුවන් නිදහස් කිරීම පිළිබඳව කතාබහ කරන්න පටන් ගත්තේය.

හිතවතුන්ගේ හෝටල් වලට යන්න ගෝඨා සිංහරාජේ හදන්න ගිය පාලමට වුණු දේ

හිතවතුන්ගේ හෝටල් වලට යන්න ගෝඨා සිංහරාජේ හදන්න ගිය පාලමට වුණු දේ

ඒ අනුව කිසිදු ලියවිල්ලක් නොමැතිව තවත් රැඳවියන් 30 දෙනෙකු බන්ධනාගාරවලින් නිදහස් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබේ. ජනාධිපති සමාව අනීතිකව යොදාගනිමින් බන්ධනාගාර රැඳවියන් නිදහස් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේවන විටත් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර එහිදී මේ සම්බන්ධව හෙළිවී ඇත.

ඊට අදාළව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ද මේ වනවිටත් සිටින්නේ බන්ධනාගාරගතවය. නිදහස් කර ඇති එම පිරිස විවිධ කාණ්ඩ යටතේ නිදහස් කර ඇති අතර ඔවුන් නිදහස් කර ඇත්තේ, කුමන පදනමකින්ද යන්න පිළිබඳ ද සොයා බලන බව විමර්ශන නිලධාරීන් පවසයි. මෙවන් පසුබිමක මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ, ජනාධිපති සමාව හිමිවූ පුද්ගලයන් 37 දෙනෙකු නිදහස් නොකිරීම සම්බන්ධයෙන් ද වාර්තාවී ඇති බවය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වේ

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වේ

මේ අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුව පුළුල් ප්‍රතිසංවිධානයකට ලක් කිරීමට අධිකරණ අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ. සියලුම බන්ධනාගාර අධිකාරීවරු එළැඹෙන 23වනදා කොළඹට කැඳවා විෂයභාර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවද වාර්තා වේ.

එදිනම පස්වරුවේ වැඩබලන බන්ධනාගාර කොමසාරි ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය. බන්ධනාගාර දෙපාර්තමේන්තුව මුහුණදී ඇති වත්මන් තත්ත්වය පිළිබඳ එහිදී අවධානය යොමුකිරීමට නියමිතව ඇත. එමෙන්ම ඉදිරියේදී සියලුම බන්ධනාගාර අධිකාරීවරුන්ට ස්ථාන මාරුවීම් ලබාදීමට නියමිත බවද වාර්තා වේ.

උපාධිධාරී වුණත් විද්‍යාපීඨ වුණත් ආයේ ගුරුවරු බඳවා ගන්නේ මෙහෙමයි

උපාධිධාරී වුණත් විද්‍යාපීඨ වුණත් ආයේ ගුරුවරු බඳවා ගන්නේ මෙහෙමයි

ReeCha