එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ ලොක්කෙක් ලංකාවට

By Mithu Jun 20, 2025 03:12 PM GMT
Report

එළැඹෙන ජුනි 23 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිතර වීමට නියමිත බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය පැවසුවේ ඒ මහතා එළැඹෙන ජුනි 23 වැනිදා සිට 26 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වනු ඇති බවය. 2016 පෙබරවාරි මාසයෙන් පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයෙකු ශ්‍රී ලංකාවේ සිදු කරන පළමු සංචාරය මෙය බවද අමාත්‍යංශ නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

තවත් භයානක රෝගයක් සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ අවදානම් ප්‍රදේශ ලෙස සලකා ගැසට් නිවේදනයක්

තවත් භයානක රෝගයක් සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ අවදානම් ප්‍රදේශ ලෙස සලකා ගැසට් නිවේදනයක්

සංචාරය අතරතුර මහ කොමසාරිස්වරයා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ද හමුවීමට නියමිතය. තවද විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා මෙන්ම තවත් කැබිනට් අමාත්‍යවරු කිහිප දෙනෙකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන්, ආගමික නායකයින්, සිවිල් සමාජ නියෝජිතයින් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ සාමාජිකයින් කිහිප දෙනෙකු හමුවීමට නියමිත අතර ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම සමග රැස්වීමක් ද පැවැත්වීමටද නියමිතව ඇත.

හිතවතුන්ගේ හෝටල් වලට යන්න ගෝඨා සිංහරාජේ හදන්න ගිය පාලමට වුණු දේ

හිතවතුන්ගේ හෝටල් වලට යන්න ගෝඨා සිංහරාජේ හදන්න ගිය පාලමට වුණු දේ

ඒ මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර පූජනීය දළඳා මාලිගාව වැඳ පුදා ගැනීමටද නියමිත අතර මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයන්හී මහනාහිමිවරුන් හමුවීමට නියමිත බවත් යාපනය සහ ත්‍රිකුණාමලය වෙත සංචාරය කරමින් උතුරු සහ නැගෙනහිර පළාත්වල ආණ්ඩුකාරවරුන් හමුවීමට නියමිත බවද අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ.

තෙල් මිල වැඩි වෙන එක නතර කරන්න බෑ, අපිත් යුද්ධෙට මැදිහත් වෙන්න ඕනේ

තෙල් මිල වැඩි වෙන එක නතර කරන්න බෑ, අපිත් යුද්ධෙට මැදිහත් වෙන්න ඕනේ