ජුනි 30 විශේෂ පාර්ලිමේන්තු දිනයක්

Report

විශේෂ පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීමට තීරණය කර තිබේ. ඒ ජූනි 30වන දිනයි. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත. 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 11 වැනි වගන්තිය ප්‍රකාරව එක් එක් වර්ෂයේ ජූනි 30 හෝ එදිනට පෙර ආණ්ඩුව විසින් මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශයක් නිවේදනය කිරීමේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා මෙසේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

හිතවතුන්ගේ හෝටල් වලට යන්න ගෝඨා සිංහරාජේ හදන්න ගිය පාලමට වුණු දේ

හිතවතුන්ගේ හෝටල් වලට යන්න ගෝඨා සිංහරාජේ හදන්න ගිය පාලමට වුණු දේ

ඒ අනුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ප්‍රකාරව අග්‍රාමාත්‍යවරිය විසින් කරනු ලබන ඉල්ලීමක් මත කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව ජූනි 30වනදා පෙ.ව. 9.30ට කැඳවීමට නියමිතව ඇත. මීට අදාළව ආණ්ඩුව විසින් ගෙනෙනු ලබන සභාව කල්තැබීමේ විවාදය එදින ප.ව 4.30 දක්වා පැවැත්වීමටත් මෙහි දී තීරණය වී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වේ

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වේ