කෙහෙළිය උඹට මොනවා කියන්නද ගිරිරාජ්ගේ දුව කෙහෙළියට හොඳ පදෙන් අමතයි
රංගන ලෝකයේ ආකර්ෂණීය රංගන ශිල්පිනියක් ඒ වගේම දක්ෂ ගායිකාවක් වන අමන්දා උත්පලි කියන්නේ රංගන ක්ෂේත්‍රයේ තවත් දක්ෂයෙක් වන ගිරිරාජ් කෞෂල්‍යයන්ගේ ආදරණීය දියණියයි. පසුගිය කාලසීමාවේදී ඇයගේ පියා පිළිකා මේ රෝගී තත්ත්වයක් නිසා ප්‍රතිකාර ලැබුවා. ඒ කියන්නේ රංගන ශිල්පී ගිරිරාජ් කෞශල්‍යය.
ඔහු වෙනුවෙන් ප්‍රතිකාර නියම කර වෛද්‍යවරු සඳහන් කරේ එක්තරා දවසක ඔහුට සුවිශේෂී ඖෂධයක් ඉතා ඉක්මනින් ලබාගත යුතු බවයි. ඉතින් ඇයගේ දියණිය අමන්දා උත්පලී මේ ඖෂධය හැම තැනම හෙව්වත් ඇයට හම්බවෙන්නේ නැහැ. හැබැයි එක තැනකින් ඇයට හම්බෙනවා නමුත් ඒ බ්‍රෑන්ඩ් එකෙන් නෙමෙයි.කොහොම නමුත් ඇය ලක්ෂ පහළොවක තරම් මුදලක් වැය කරලා මේ බෙහෙත අරගෙන තමන්ගේ තාත්තව සුව කරන්න ලබා දෙනවා. හැබැයි ඇත්තටම මේ තරම් මිල අධික බෙහෙත් විදිහට එදා කෙහෙළිය රටට ගෙනල්ලා විකුණලා තියෙන්නේ බාල බෙහෙත් තොගයක් කියන දේ මේ වන විටත් අනාවරණය වෙමින් පවතිනවා.එනිසාම මේ හේතු කාරණාවත් එක්ක එදා ඇය තමන්ගේ ආදරණීය පියා රෝගාතුර වූ විට ලැබූ අත්දැකීමත් මතක් කරමින් කෙහෙළියට ඇයගේ මුහුණු පොත හරහා සැර කතාවක් පළ කර තිබුණා.ඇය කියූ කතාව පහතින් උපුටා දක්වා ඇත.
“කෙහෙළිය ට ලියමි! පහුගිය අවුරුද්දේ අගෝස්තු මාසේ දවසක, මම රන්වල බලකාය එක්ක ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරයකට යන්න සූදානම් වෙමින් හිටියේ. තාත්තා ඒ වෙනකොට අපේක්ෂා රෝහලේ දැඩිසත්කාර ඒකකයේ. හදිස්සයේ අම්මා මට කතා කරලා කිව්වා “Doctor පුලුවන් ඉක්මනට ගේන්න කියලා බෙහෙතක් දුන්නා ඉස්පිරිතාලේ නෑ, ඔයා හොයලා මේක අරන් දැන්ම එනවද?” කියලා. මං ඒ වෙලාවේ හිටියේ බලකායේ කට්ටියත් එක්ක රාජගිරියේ shop එකක. එවෙලෙම prescription එක ගෙන්නගෙන දන්න කියන හැම තැනකටම call කර කර බෙහෙත හොයන්න ගත්තා. හැම තැනකින්ම කිව්වේ ඒ බෙහෙත ලංකාවේ කොහෙවත් නෑ කියලා.මට ඒ වෙලාවේ කර කියා ගන්න දෙයක් නැති කමට shop එකේ බංකුවක වාඩි වෙලා ඇඬුවා.
මගේ යාලුවොත් ආපු වැඩේ පැත්තක දාලා බෙහෙත හොයන්න ගත්තා. එහෙම හම්බුණ contact එකකින්, එකම එක pharmacy යක බෙහෙත තියෙනවා කියලා දැන ගන්න ලැබුණට අදාළ brand එකෙන් නෙමෙයි බෙහෙත තිබුණේ. ඒත් Doctor කිව්වා තියන එක ගේන්න තාත්තා ට ඉක්මනටම බෙහෙත දෙන්න ඕනේ කියලා. Vial 7ක් ගන්න රු. 420,000.00 මුදලක් ගියා. එදා ඉදන් දවස් 3ක් ඒ බෙහෙත ඕනේ උණා. ලක්ෂ 15කට ආසන්න ගානක් ඒ දවස් තුනට විතරක් අපිට වියදම් උණා. එදා තාත්තට දුන්නේ මෙන්න මේ IVIG (Iv human immunoglobulin) කියන බෙහෙත. කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ. කර්මයෙන් ගැලවෙන්න නම් බැරි වෙයි!”
