තීරණාත්මක තත්වයක. - ඉදිරියේ දී හිතුවාට වඩා ගැඹුරු අවධමනයක්. - මහා බැංකුවෙන් විශේෂ ප්‍රකාශයක්.

Report

ප්‍රධාන වශයෙන් 2025 ජනවාරි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද විදුලි ගාස්තු සංශෝධනයේ දී අපේක්ෂිත ප්‍රමාණයට වඩා පහළට ගැලපීම හේතුවෙන්, මීට පෙර ප්‍රක්ෂේපණය කළ ප්‍රමාණයට වඩා ගැඹුරු අවධමනයක් ඉදිරියේ දී පෙන්නුම් කරනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරනවා.

මහ බැංකුව මෙහිදී වැඩිදුරටත් සඳහන් කරන්නේ, නමුත් 2025 මැද භාගයේ සිට උද්ධමනය ධනාත්මක වනු ඇති බවත්, සුදුසු ප්‍රතිපත්ති ගැලපීම් මගින් සහාය වන මධ්‍ය කාලීනව 5% ක ඉලක්කගත මට්ටම කරා ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ (CCPI) වාර්ෂික වෙනස මගින් මනිනු ලබන, මතුපිට උද්ධමනය 2024 දෙසැම්බර් මාසයේදී අඛණ්ඩව සිව්වන මාසයටත් ඍණාත්මකව පැවතුනි.

ඒ, අනුව මහ බැංකුව පවසන්නේ ඉල්ලුමේ පීඩනය අඩු වුවද, විදුලි ගාස්තු සහ දේශීය ඉන්ධන මිල ගණන් සංශෝධනය කරමින් පහල දැමීම මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බවයි.

අද සිට වසර 03ක් පැරණි පෞද්ගලික මෝටර් රථ ගෙන්වයි. - දින 90ක් ඇතුළත ඒවා අලෙවි නොකළහොත් සිදු වන දේ මෙන්න.(සම්පූර්ණ විස්තරය)

අද සිට වසර 03ක් පැරණි පෞද්ගලික මෝටර් රථ ගෙන්වයි. - දින 90ක් ඇතුළත ඒවා අලෙවි නොකළහොත් සිදු වන දේ මෙන්න.(සම්පූර්ණ විස්තරය)

අඹ ගෙඩියක වටිනාකම ලක්ෂ දෙකහමාරක්. - වෙන කොහෙවත් නෙවෙයි මේ ලංකාවේ.

අඹ ගෙඩියක වටිනාකම ලක්ෂ දෙකහමාරක්. - වෙන කොහෙවත් නෙවෙයි මේ ලංකාවේ.


You May Like This Video