හිතද්දිත් ඇඟ හිරිවැටෙනවා, මාරක අනතුරකින් ලංගම බස් එකක් නූලෙන් මිස් වෙයි

Accident Law and Order Srilanka Bus Sinhala news Breaking News
By Kaushi Jun 20, 2025 04:30 PM GMT
Kaushi

Kaushi

Report

අලගොල්ල ප්‍රදේශයෙන් ප්‍රපාතයට පෙරළීමට ගිය ලංගම බස් රථයක රෝදය ඒ අසල තිබූ කාණුවකට වැටීමෙන් බේරී තිබෙන බවට වාර්තා වේ.

ඒ අනුව වාර්තා වූයේ මෙම බස් රථයෙහි කාර්මික දෝෂයක් සිදුව තිබෙන අතර ඒ සම්බන්ධයෙන් රියදුරු සහ රිය සහායක බස් රථයෙන් බැස සොයා බලා ඇති බවයි.

ලෝක යුද්ධයක් අස්සේ පුතාගේ මගුල ගැන වද වෙන අගමැති

ලෝක යුද්ධයක් අස්සේ පුතාගේ මගුල ගැන වද වෙන අගමැති

එම අවස්ථාවේදී අඳාළ බස් රථය පිටුපසට ඇඳීයාමත් සමඟ නිවසක් ආසන්නයේ තිබූ ප්‍රපාතයේ නැවති ඇත.

කෙසේ වුවද අඳාළ බස් රථය ප්‍රපාතයට නොවැටී බේරී ඇත්තේ අසල තිබූ කාණුවකට එහි රෝදය වැටීමෙන් බව පවසයි.

එසේම අඳාළ සිදුවීම වෙන විටත් බස් රථය තුල පුද්ගලයන් දහ දෙනෙකු සිට තිබෙනවා. එහෙත් වාසනාවකට මෙන් ඒ කිසිවෙකුට හානි වී නැති බව සඳහන්.

හොඳයි අපි බලාගමු..මේ ආණ්ඩුව නැති වුණ දාට වැඩේ දෙන්නම්..සාරංගිකාට තර්ජන

හොඳයි අපි බලාගමු..මේ ආණ්ඩුව නැති වුණ දාට වැඩේ දෙන්නම්..සාරංගිකාට තර්ජන

අඳාළ අනතුරට ලක්ව ඇත්තේ කැප්පටිපොළ ඩිපෝවට අයත් බස් රථයක් බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ඌව පරණගම පොලිසිය මගින් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

එමෙන්ම මෙම අනතුර රියදුරුගේ නොසැලකිල්ල නිසා සිදුව ඇති බව පොලිසිය පවසයි. 

හැමෝම නාමල් බේබිට චෝදනා කරද්දි නාමල් කරපු චෝදනාව

හැමෝම නාමල් බේබිට චෝදනා කරද්දි නාමල් කරපු චෝදනාව

කෙහෙළිය උඹට මොනවා කියන්නද ගිරිරාජ්ගේ දුව කෙහෙළියට හොඳ පදෙන් අමතයි

කෙහෙළිය උඹට මොනවා කියන්නද ගිරිරාජ්ගේ දුව කෙහෙළියට හොඳ පදෙන් අමතයි

ReeCha