මුදල් අවභාවිතා කරා යැයි මෛත්‍රීට පැමිණිල්ලක්

Maithripala Sirisena Sri Lanka Politician Law and Order Sinhala news
By Mithu Jun 20, 2025 04:38 PM GMT
Mithu

Mithu

Report

නව රජය බලයට පත්වීමත් සම කරන ප්‍රසිද්ධ දේශපාලන චරිත රැසකට තමන් බලය සිටි කාලයේ සිදුකෙරූ මූල්‍ය වංචාවන් සහ අනිකුත් වංචාවන් වලට විරුද්ධව පැමිණිලි යොමු කර තිබුණි.

එහි ප්‍රතිඵලයක් වශයෙන් සුප්‍රසිද්ධ දේශපාලන චරිත ඇතුලට යද්දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව මුදල් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධව පැමිණිල්ලක් එප්පාවල සමූපකාර සමිතියේ උප සභාපති ලක්ෂ්මන් ජයවර්ධන විසින් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ඉදිරිපත් කර තිබේ. ඒ පසුගිය 2019 වසරේදී එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එප්පාවල සමුපකාර සමිතියට අයත් භූමියක ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් ජනාධිපති අරමුදලින් රුපියල් දෙකෝටි හැත්තෑපන් ලක්ෂයක මුදලක් අවභාවිත කිරීමේ සිදුවීමක් අනුවය. පැමිණිලිකරු සිය පැමිණිල්ල මගින් දන්වා ඇත්තේ එප්පාවල සමුපකාර සමිතිය මගින් 2017 වසරේදී සම්මන්ත්‍රණ ශාලා ගොඩනැගිල්ලක් ලබා දෙන ලෙසට ඉල්ලීමක් කළ බවත් ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ජනාධිපති ධුරය දැරූ 2019 වසරේ ජනවාරි මස එම ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළ බවත්ය. ඊට අදාළ ගොඩනැගිල්ල ඉදිකිරීම වෙනුවෙන් එහි තිබූ කඩකාමර 07ක් කඩා ඉවත් කර ඇති බවත් එහි තිබූ වටිනා දොර, ජනෙල්, උළුවහු, සීට් ඇතුළු භාණ්ඩද අස්ථානගත වී ඇති බවත් උප සභාපතිවරයා සිය පැමිණිල්ලේ සඳහන් කර තිබේ. තවද උත්සව ශාලා ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් අදාළ ඉඩම ලබාගෙන තිබෙන බවත් ඒ සඳහා රුපියල් කෝටි 13ක මුදලක් ඇස්තමේන්තුගත කර තිබූ බවත් පෙන්වා දෙන පැමිණිලිකරු එම ගොඩනැගිල්ල ඉදිකිරීමට යුද හමුදාවේ ශ්‍රම දායකත්වය ලබා ගැනීමට තීරණය කළ බැවින් රුපියල් හත් කෝටි හැත්තෑ තුන් ලක්ෂයකට මෙහි ඉදිකිරීම් ආරම්භ කළ බවත් සිය පැමිණිල්ල මගින් පෙන්වා දී තිබේ.

ගොඩනැගිල්ල ඉදිකිරීම් ආරම්භ කිරීම වෙනුවෙන් පළමු අදියර යටතේ රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක මුදලක් ලබා දී තිබෙන බවත් මේ වන විට ගොඩනැගිල් ඉදිකිරීමේ කටයුතු අතරමග නතර වී තිබෙන බවත් සඳහන් කර ඇති පැමිණිලිකරු පෙන්වා දී ඇත්තේ මෙහි මුදල් අවභාවිත කිරීමක් සිදුව තිබෙන බැවින් අදාළ ගොඩනැගිල්ල ලබා ගැනීමට ප්‍රශ්නයක් වී ඇති බවය. පැමිණිලිකරුවන ලක්ෂ්මන් ජයවර්ධන මහතා පැවසුවේ නව ගොඩනැගිල්ල ඉදිකිරීමට පෙර පැවැති කඩ කාමරවල තිබූ භාණ්ඩ කවුරුන් විසින් රැගෙන ගියේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවත් මේ සම්බන්ධව කඩිනමින් පරීක්ෂණයක් පවත්වන ලෙස දන්වමින් තමන් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවය.

ReeCha