කුරිරු යුද්ධයක් මැද්දෙ ඉරානයට ඉරාක වැසියන් පෙන්නපු මනුස්සකම

Report

අද (20) දින බැග්ඩෑඩ්හි සදර් නගරය වෙත ඉරානයට සහාය පළ කරමින් දස දහස් ගණනක් ඉරාක වැසියන් රැස්ව ඇති බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරානයට එල්ල වූ ප්‍රහාර මධ්‍යයේ එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට විරුද්ධව විරෝධතා පාඨ කියමින් සිකුරාදා යාඥාවලින් අනතුරුව මෙසේ ඉරාක වැසියන් සදර් නගරය වෙත රැස්ව සිටි බවයි.

හොඳයි අපි බලාගමු..මේ ආණ්ඩුව නැති වුණ දාට වැඩේ දෙන්නම්..සාරංගිකාට තර්ජන

හොඳයි අපි බලාගමු..මේ ආණ්ඩුව නැති වුණ දාට වැඩේ දෙන්නම්..සාරංගිකාට තර්ජන

ඉරාක අගනුවරේ උප නගරයක් වන සදර් නගරය විප්ලව නගරය ලෙස ද හැඳින්වෙන බව සඳහන්.

එහි ඇස්තමේන්තුගත ජනගහනය මිලියනයකට වඩා වැඩි බව ද පවසයි. එසේම විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද දින ද ඉරානය ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙන බවයි.

මේ වන විට ඉරානය සහ ඊශ්‍රායල අතර යුද ගැටුම් ඇරඹී දින අටක් ගතව අවසන්.

ඊශ්‍රායල හමුදාව කියා සිටින්නේ උතුරු මධ්‍යම සහ දකුණු ඊශ්‍රායලයට අද දින මෙසේ මෙම ප්‍රහාර එල්ල වූ බවයි.

එකට ජිල්මාට් ගහලා කෙළ වුණාට පස්සෙ බෝලෙ පාස් කරන රනිල් - බෙහෙත්වල සම්පූර්ණ වගකීම කෙහෙළියගේ

එකට ජිල්මාට් ගහලා කෙළ වුණාට පස්සෙ බෝලෙ පාස් කරන රනිල් - බෙහෙත්වල සම්පූර්ණ වගකීම කෙහෙළියගේ

එසේම හමුදාව ඊශ්‍රායල එක්ස් හි සටහනක් තබා සඳහන් කර ඇත්තේ ඊශ්‍රායල හමුදාව මෙම මිසයිල ප්‍රහාරය අවසන් බවට සංඥා කර තිබෙන බවයි.

එසේම ඊශ්‍රායල ජාතිකයින්ට ආරක්ෂිත ප්‍රදේශවලින් ඉවත් වීමට මේ වන විට අවසර දී ඇති බව ද සඳහන්.

තවද ඊශ්‍රායල හමුදාවට අනුව සිකුරාදා ඉරානය උතුරු මධ්‍යම සහ දකුණු ඊශ්‍රායලය දෙසට නව මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව වාර්තා වේ.

ලෝක යුද්ධයක් අස්සේ පුතාගේ මගුල ගැන වද වෙන අගමැති

ලෝක යුද්ධයක් අස්සේ පුතාගේ මගුල ගැන වද වෙන අගමැති

එමෙන්ම ඊශ්‍රායල ගුවන් අවකාශය යළි විවෘත කිරීමෙන් අනතුරුව ඊශ්‍රායලයෙන් පිටවීමට කැමති බ්‍රිතාන්‍ය ජාතිකයින්ට යළි සිය රට බලා යාමට ඉඩ සැලසෙන ආකාරයට එක්සත් රාජධානියෙන් වරලත් ගුවන් ගමන් සංවිධානය කරන බවද නිවේදනය කර ඇති බව සඳහන් වේ. 

හැමෝම නාමල් බේබිට චෝදනා කරද්දි නාමල් කරපු චෝදනාව

හැමෝම නාමල් බේබිට චෝදනා කරද්දි නාමල් කරපු චෝදනාව